මේ හැකියාව පෙර ආත්මයෙන් ආපු දෙයක් වෙන්න පුළුවන්


0

කලාව සුන්දරයි.කලාකරුවන් සුන්දර වන්නේ කලාව නිසා.අපි විවිධාකාර කලාවන් එදිනෙදා දකිනවා.ඒත් සිතුවම් කලාව කියලා කියන්නේ පුදුම සහගත වටිනාකමක් ඇති මිනිස්සුන්ගෙ හැකියාවන් සමඟ ගනුදෙනු කරන චිත්‍රණය හා එකතු වුන ලස්සන දෙයක්.වෙනසකටත් එක්ක ලංකාවේ සිතුවම් කලාව තුළින් ඉහළින්ම ඉන්න දක්ෂයෙක් සමඟ සමග අද කතාබහක් ඇති කරගන්න අපි හිතුවා.ඔහු නමින් දිනේෂ් කොඩිතුවක්කු.

ආයුබෝවන් දිනේෂ්!

ආයුබෝවන්!!

*ඔබ කොහොමද සිතුවම්කරණයට එන්නෙ?

ඒක ඇත්තම කියනවනම් පොඩි කාලේ ඉඳන් මගේ ඇඟේ තිබ්බ දක්ෂතාවයක් එළියට ආවා කියලා තමයි මම හිතන්නේ.පවුලේ අයට ගොඩක්ම චිත්‍ර අඳින්න බැහැ.මං විශ්වාස කරන්නේ මේ දක්ෂතාවය පෙර ආත්මෙන් ආපු දෙයක් කියලා.

*මොකක්ද සරලව කිව්වොත් “චිත්‍රයක්” “සිතුවමක්” කියලා කියන්නෙ?

චිත්‍රයක් සිතුවමක් කියලා කියන්නේ කෙනෙක්ගේ හිතේ මැවෙන දෙයක් ඒ විදියටම තව කෙනෙක්ට බලන්න පුළුවන් වෙන විදියෙ දෙයක්.වෙන කෙනෙක් ඒක කරානම් හරියට අන්ධයාට කොකා පෙන්නුවා වගේ තමයි.චිත්‍ර ශිල්පියා ඊට වඩා වෙනස්.චිත්‍ර ශිල්පියාට විතරයි පුළුවන් හිතේ මැවෙන චිත්ත රූපයක් ඒ විදියටම තව කෙනෙක්ට පෙන්නන්න.ඒක කරන්න පුළුවන් එකම කලාවත් චිත්‍රකලාව විතරයි.මනුස්සයෙක්ගේ ඇහැට වදින්නේ ත්‍රිමාන තලයේ චිත්‍ර විතරයි.ඒත් චිත්‍ර ශිල්පියෙකුට ත්‍රිමාන තලයෙන් එහාට යන්න පුළුවන්.

*ක්ශේත්‍රයේ නියැලෙන්න ලේසි නෑ.ඔබ දක්ශයෙක්.කොහොමද මේ පාර හදාගත්තෙ?

දක්ෂයෙක් වෙන්න නම් දක්ෂතා ප්‍රගුණ කරන්න ඕන.තමන්ගේ වැරදි නිවැරදි කර ගන්න ඕන.නිවැරැදියි කියලා හිතන දේවල් තව ඔපමට්ටම් කර ගන්න ඕනේ.මේ හැමදේම හදාගෙන ගමනක් ගියොත් ඕනම කෙනෙක් සාර්ථක වෙනවා.මොකද දක්ෂතාවය කියන දේට shortcuts නැහැ.දක්ෂතාවය ප්‍රගුණ කළොත් විතරයි ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න පුළුවන්.

*ඇඳපු පලවෙනිම සිතුවම මොකක්ද?

ඇත්තටම එහෙම හරියට මතකයක් නම් නෑ.හැබැයි ගෙදර ගියාම තියනවා බිත්ති වල මම පොඩි කාලේ ඇඳපු චිත්‍ර.මං හිතන්නේ ඒවා වෙන්න ඇති මගේ පළවෙනි චිත්‍ර.

*එතකොට මුලින්ම අතට මුදලක් ලැබුණු චිත්‍රය මොකක්ද?

2002 දී විතර සංස්කෘතික අරමුදලයි කෞතුකාගාරයේ ප්‍රතිනිර්මාණ කමිටුව කියලා එකකින් පවත්වපු නිර්මාණකරනයේදී මම ඇන්දා සීගිරි සිතුවමක්.ඒක රුපියල් 25,000 කට අලෙවි වුණා.ඒ කාලේ මගේ පඩිය රුපියල් 4500යි.ඒත් මට මහමෙරක් හම්බුනා වගේ වැඩක්.

*මේ ක්ශේත්‍රය තුළට ලැබෙන වටිනාකම ගැන අදහසක් කිව්වොත්?

ක්ෂේත්‍රය තුළදී චිත්‍රවලට තියෙන වටිනාකමයි මම චිත්‍ර ඇඳලා ලබාගන්න වටිනාකමයි අතර සෑහෙන ලොකු වෙනසක් තියෙනවා.එකේ මූලිකම අදහස තමයි මගේ තියනවා අදහසක් customer satisfy වෙන්න ඕන final output එකට.ලංකාව තුළට ගත්තොත් ලංකාවේ මිනිස්සුන්ට ලොකු ගානක් වියදම් කරලා චිත්‍රයක් මිලදී ගන්න තරම් පුළුවන් කමක් නෑ.ඉතිං කස්ටමර් සහ මම කියන දෙන්නම සැටිස් වෙන විදියට තමයි මම වැඩේ කරන්නෙ.ඒත් පිට රටක මේ ක්ෂේත්‍රය තුළින් ගන්න වටිනාකම ලංකාවේ ගන්න බෑ.

*සිතුවම්කරණය වෘත්තීයමය වශයෙන් කරන්න හිතුවෙ ඇයි?

මුලින්ම කියන්න ඕන මම ඉගෙනගත්තේ computer software engineering.ඒක කරන අතරතුර තමයි මම චිත්‍ර අඳින්න පටන් ගත්තෙ.ඊට කලින් මම පොඩි කාලේ චිත්‍ර කතා පත්තර වලට ඇන්දා දේදුනු කියලා නමකින්.ඊට පස්සේ ජොබ් එකට ආවට පස්සේ ජොබ් එක කරන අතරතුර චිත්‍ර අඳින්න පටන් ගත්තා.එතකොට මේකේ සෑහෙන ලොකු වෙනසක් තියෙනවා.මොකද චිත්‍රකතා පත්තර වලට අඳිනකොට අඳිනකොට ඒවයෙ තියෙන්නෙ line arts.ගොඩක් ඒ කාලේ face sketching,portraits එහෙම තිබ්බෙ නැහැ ඒ කාලෙ.මෑතකදි තමයි realistic චිත්‍ර ආවෙ.එතකොට මේ ආර්ටිස්ලා අතරත් සෑහෙන ලොකු වෙනසක් තිබ්බා.ඒ අතරේ මාව ඔටෝම ඇදුනා realistic ආර්ට් කියන පැත්තට.ඒක කරන්න ගියාම සෑහෙන ලොකු ඇගයීමක් තියෙනවා මොකද හිතලා අඳින චිත්‍රයට වඩා තමන්ගෙ කාගේ හරි චිත්‍රයක් අඳින කොට මිනිස්සු ඒකට value එකක් දෙන්න ගත්තා.ඒ අනුව තමයි ඒ පැත්ත develop වුණේ.

*ඔබට ලැබෙන ඇගයීම් ගැන සඳහන් කලොත්?

1994 සහ 1997 අවුරුදු වල සමස්ත ලංකා මට්ටමින්ම මම පළමුතැන අරගෙන තියනවා.ඒක ලේසි නෑ.ඒ කියන්නෙ අපි ප්‍රාදේශීය මට්ටමේ ඉදන් පලමුතැන් අරගෙන තමයි ඉදිරියට යන්න ඕන.ඒක තමයි ලැබිලා තියන ලොකුම වටිනාකම.මම exhibitions එකක් තාම තියලා නෑ..මොකද මම අඳින චිත්‍ර මටවත් ඉතුරු වෙන්නෑ යාළුවො අරගෙන යනවා.අනිත් එක කවුරුහරි මගෙන් චිත්‍රයක් ගත්තම ඒ කෙනා මට දෙන කමෙන්ට් එක මට මාරම වටිනවා.ඒකෙන් මම ලොකුම ලොකු තෘප්තියක් ලබනවා.

*සිතුවමක් නිර්මාණයට මිනිසෙක්ට තිබිය යුතු ගුණාංග මොනවද?

කෙනෙක්ට නිර්මාණයක් කරන්න නම් නිර්මාණ හැකියාවක් තිබිය යුතුයි පළමුවෙන්ම.යන්තම් හරි සහජ කුසලතාව තියෙන්න ඕන.කැපවීමයි ඉවසීමයි අනිවාර්යෙන්ම අවශ්‍යයි.සමහර චිත්‍ර ඇඳලා ඉවර කරන්න පැය අටක් විතර යනවා.එතකොට චිත්‍ර ශිල්පියෙක්ට අනිවාර්යෙන්ම ඉවසීම කියන දේ ඕන.මේ ටික තියෙනවා නම් නම් සිතුවම් නිර්මාණයට ලේසියි.

*ඔබේ සිතුවම් හරිම සජීවියි..මේක පරම්පරාවෙන් ලැබුණු දක්ෂකමක්ද?

මම ස්තූතිවන්ත වෙනවා මට මෙවැනි වටිනාකමක් දුන්නට.ඒක මගේ කලාවට ලොකු උත්තේජනයක්.සජීවී කියලා කිව්වම අර realistic ගතිය ඇවිල්ල තියනවා.මේ හැකියාව පෙර ආත්මයෙන් ආපු දෙයක් වෙන්න පුළුවන්.කැපවීම තමයි හැම දේකදිම තියෙන්නේ.මගේ මුල්ම චිත්‍ර ගත්තොත් ඒවා මීට වඩා සෑහෙන්න වෙනස්.සමහරවිට මම ඉස්සරහට අඳින චිත්‍ර දැන් අඳින චිත්‍ර වලට වඩා වෙනස් වෙන්නත් පුළුවන්.මොකද මම මේ ක්ෂේත්‍රය ප්‍රගුණ කරනවා.මම මේක ඩිවලොප් කරන එක තමයි මගේ සිතුවම් සජීවීකරණය වීමට හේතුව.

*ඔබේ ඉදිරි බලාපොරොත්තු ?

ඇත්තටම මට තියෙන්නේ සාමූහික බලාපොරොත්තුවක්.විවිධ සංචාරකයෝ අපේ රටට එන්නේ අපේ කලා නිර්මාණ අපේ චිත්‍ර අපේ මූර්ති එහෙමත් නැත්නම් අපේ කැටයම් දැකලා.ඒත් අපේ සීගිරි චිත්‍රවලින් පස්සේ අපි දෙයක් ඉතුරු කරල නැහැ.මම කැමතියි legends series එකක් හදන්න චිත්‍ර වලින් හරි මූර්ති වලින් හරි.අපි හැමෝම එකතු වෙලා ඒ වගේ දෙයක් කරමු ඉදිරියේදීවත් මිනිස්සුන්ට අපි වගේ කට්ටියක් හිටියා කියලා අලුත් පරම්පරාවට මතක් වෙන්න.

සංවාදය-සචිනි සත්සරණි ප්‍රේමරත්න


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
1
fun
geeky geeky
0
geeky
love love
1
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 2

0 Comments

Your email address will not be published.