යොහානිගේ ‘මැණිකේ’ ගීතය ඇතුළත් බොලිවුඩ් චිත්‍රපටයට එරෙහිව නඩුවක්


0

ශ්‍රී ලාංකේය යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වාගේ ‘මැණිකේ’ ගීතය ඇතුළත්, ඉදිරියේදී තිරගත වීමට නියමිත ‘තෑන්ක් ගෝඩ්’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ඇතුළු ප්‍රධාන නළුවන්ට එරෙහිව ඉන්දියාවේ ජෞන්පූර් අධිකරණයක නඩු පවරා තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, එරට කායස්ත ප්‍රජාවගේ ආගමික හැඟීම්වලට බලපෑම් එල්ල වන බවට චෝදනා කරමින් එම චිත්‍රපටයේ රංගන ශිල්පීන් වන අජේ දේව්ගන්, සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ අධ්‍යක්ෂ ඉන්ද්‍ර කුමාර්ට එරෙහිව අදාළ නඩුව පවරා ඇති බව ය.

ඒ අනුව, මෙම නඩුව නොවැම්බර් 18 වන දින ජෞන්පූර් අධිකරණයේදී විභාගයට ගැනීමට ලැයිස්තුගත කර ඇත.

‘තෑන්ක් ගෝඩ්’ චිත්‍රපටය ඔක්තෝබර් ඔක්තෝබර් 25 වන දා තිරගත කිරීමට නියමිත ය.

‘එම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පසුගිය සතියේ නිකුත් කරන ලද අතර එහි අජේ දේව්ගන් බ්ලේසරයක්, කලිසමක් සහ කමිසයක් ඇඳ සිටින ‘චිත්‍රගුප්ත’ යන චරිතය නිරූපණය කරයි.

පූර්ව ප්‍රචාරක පටයේ සිද්ධාර්ත් මල්හෝත්‍රා හදිසි අනතුරකින් මිය යන අතර පසුව චිත්‍රගුප්තව මුණගැසෙන අතර, සිද්ධාර්ත්ට ඔහුගේ ජීවිත කාලය තුළ ඔහු කළ ක්‍රියාවන් පිළිබඳ වාර්තාව පෙන්වයි.

චිත්‍රගුප්ත යනු, හින්දු දෙවියෙකු වන අතර මෙලොව පුද්ගලයෙකුගේ හොඳ සහ නරක ක්‍රියා පිළිබඳ වාර්තා තබා ගැනීමේ කාර්යය එම දෙවියන් විසින් සිදු කරනු ලබයි.

අදාළ පෙත්සම ජෞන්පූර්හි අධිනීතිඥ හිමන්ෂු ශ්‍රීවාස්තව විසින් විසින් ගොනු කරනු ලැබ ඇති අතර “චිත්‍රගුප්ත කර්මයේ අධිපතියා ලෙස සලකනු ලබන අතර, මිනිසෙකුගේ හොඳ සහ නරක ක්‍රියාවන් පිළිබඳ වාර්තා තබා ගනී,”යනුවෙන් ඔහුගේ පෙත්සමෙහි සඳහන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

එවැනි දෙවිවරුන් නිරූපණය කිරීමෙන් ආගමික හැඟීම්වලට බලපෑම් එල්ල කරන බැවින්, ඉන් අප්‍රසන්න තත්ත්වයක් ඇති කළ හැකි යැයි ඔහු සිය පෙත්සම මගින් පෙන්වා දී තිබේ.

පෙත්සම්කරුගේ ප්‍රකාශය නොවැම්බර් 18 වන දා සටහන් කර ගැනීමට නියමිත ය.

‘තෑන්ක් ගෝඩ්’ චිත්‍රපටයේ අජේ විසින් “අවර ගනයේ” විහිළු සහ “විරෝධාකල්පී වචන” භාවිත කරනු ලබන බවට පෙත්සම් කර චෝදනා කර ඇත.

එමෙන් ම, මෙම චිත්‍රපටය වෛරය සහ අවමානය පැතිරවීමේ උත්සහයක් බව ද පෙත්සම්කාර පාර්ශවය චෝදනා කර තිබේ.

තව ද ලාභ ඉපැයීම සහ ශ්‍රේණිගත කිරීම් ඉහළ දමා ගැනීම සඳහා වාර්ගික සංහිඳියාවට අහිතකර ලෙස බලපාන විරුද්ධවාදී දර්ශන එම චිත්‍රපටයේ අන්තර්ගත බවට ද පෙත්සම්කරු වැඩිදුරට ත් චෝදනා කර ඇත.

ශ්‍රී ලාංකේය යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා ගයන ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ‘තෑන්ක් ගෝඩ්’ චිත්‍රපටය සඳහා යොදා ගැනීමත් සමග ඒ පිළිබඳව ශ්‍රී ලංකාවේ ද අවධානය යොමු විය.

එරට ප්‍රමුඛ පෙළේ සංගීත නිෂ්පාදන සමාගමක් සහ චිත්‍රපට නිෂ්පාදන සමාගමක් වන T-Series, අද (සැප්. 16) ‘මැණිකේ’ ලෙස නම් කර ඇති චිත්‍රපටයේ ඇතුළත් එම ගීතය මුල් වරට නිකුත් කළේ ය.

‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ තනුවට හින්දි බසින් ලියැවුණු පද මාලාවකින් එය අන්තර්ගත වන අතර එම හින්දි අනුවාදය ද යොහානි විසින් ම ගයනු ලැබීම විශේෂත්වයකි.

‘තෑන්ක් ගෝඩ්’ චිත්‍රපටය සඳහා බොලිවුඩ් තරු වන අජේ දේව්ගන්, සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ නෝරා ෆටේහි රංගනයෙන් දායක වෙති.


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 2

0 Comments

Your email address will not be published.