Raju Chacha චිත්‍රපටය කියන්නෙ අපි හැමෝම ඉස්සර ගොඩක් ආසාවෙන් නරඹපු ලස්සන චිත්‍රපටයක්. නමුත් මේ චිත්‍රපටය ආදායම් අතින් ආසාර්ථක වූ නිසා අජේ දේව්ගන් මූල්‍යමය ගැටලුවකට පවා මුහුණ දී තිබෙනවා.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නෙ අජේ දේව්ගන්ගේ ඥාති සොහොයුරෙකු වන අනිල් දේව්ගන් විසිනි.ඒ වගේම අනිල් දේව්ගන් ගේ කුළුදුල් චිත්‍රපට අධ්‍යක්ෂණයත් මේ චිත්‍රපටය වෙනවා. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නෙ අජේ දේව්ගන් විසින් වන අතර අජේ දේව්ගන්ගෙ කුළුදුල් නිෂ්පාදනයත් මේ චිත්‍රපටය වෙනවා.මෙම චිත්‍රපටයේ කාජල් නිරූපණය කළ Anna ගෙ චරිතය ඇයට පෙර මුලින්ම අත්සන් කර තිබෙන්නෙ මනීෂා කොයිරාල විසිනි. නමුත් ඇය වෙනත් චිත්‍රපටයන් සමඟ කාර්යබහුලවීම නිසා මනීෂා කොයිරාල පසුව චිත්‍රපටයෙන් ඉවත් වී තිබෙනවා.
පසුව අජේ දේව්ගන් තම බිරිඳ වන කාජල්ගෙන් චිත්‍රපටයේ Anna ගේ චරිතය නිරූපණය කරන ලෙස ඉල්ලා සිටිනවා. ඒ අනුව කාජල් එම චරිතය බාරගෙන තිබෙනවා. මුලින්ම මෙම චිත්‍රපටයේ සැබෑම රාජු චාචා ලෙස විශේෂ චරිතයක් නිරූපණය කිරීමට සනී ඩියෝල්ට ආරාධනා කර තිබුණි. නමුත් ඒ වන විට ඔහුගෙ වෙනත් චිත්‍රපටයන් සමඟ කාර්යබහුලවීම නිසා සනී ඩියෝල්ට එම චරිතය භාරගැනීමට නොහැකි විය.
අවසානයේ අජේ දේව්ගන් විසින් චිත්‍රපටයේ පිටපතෙන් එම සැබෑම රාජු චාචා චරිතය ඉවත් කරන ලදි. මෙම චිත්‍රපටය මුලින්ම තිරගත කරන විට එය එකල බොලිවුඩයේ මෙතෙක් මිල අධිකම චිත්‍රපටය වූ අතර චිත්‍රපටය සඳහා යෙදවූ නිෂ්පාදන වියදම ඉන්දීය රුපියල් කෝටි 36 ක් පමණ විය. චිත්‍රපටය ආදායම් අතින් අසාර්ථක වූ විට අජේ දේව්ගන් හට විශාල මූල්‍යමය පාඩුවක් සිදුවිය. එම නිසා පසුව අජේ දේව්ගන් මූල්‍යමය තත්වය ගැන පමණක් සිතා ඔහුට ඉදිරිපත් වන චිත්‍රපට සඳහා අත්සන් කිරීමට පෙළඹී තිබෙනවා.
0 Comments