ලංකාවේ කෑමක් හදලා සිංහ කොඩිය ගහපු ටික්ටොක් එකේ හැමෝම කතා කරන අරාබි කෙල්ල…


1
1 point

කාලෙන් කාලෙට විවිධාකාර ඇප් ලෝකෙට හඳුන්වා දෙනවා. ඒ විධියට මිනිස්සු අතිවිශාල සංඛ්‍යාවක් වැලඳගත් ඇප් එකක් තමයි ටික්ටොක් කියලා කියන්නේ. ලංකාව වගේම ලෝකයේ බොහෝ රටවල විවිධාකාර ටික්ටොක් තරු බිහිවෙනවා. නමුත් ටික්ටොක් කරන කෙල්ලො කියූ පමණින් ලංකාවේ අපිට මැවිලා පේන්නේ ටිකක් වෙනස් විධියෙ ප්‍රතිරූප ටිකක්. ටික්ටොක් කියලා කියන්නේ සින්දුවකට නටන එක විතරක් නෙවෙයි. විවිධාකාර හැකියාවන් තිබෙන මිනිස්සු තමන්ගේ හැකියාවන් ලෝකෙටම පෙන්වන්න ටික්ටොක් යොදාගන්නවා. අන්න ඒ විධියට ටික්ටොක් නිසා ලෝකෙම හඳුනාගත්තු තරුවක් තමයි අබීර් එල්. සහීර් කියන්නේ. සූපවේදයට තමාගේම අනන්‍යතාවක් ලබාදුන් සුරූපී සූපවේදිනියක් වන අබීර් එල්. සහීර් මැදපෙරදිග පළමු ටික්ටොක් තාරකාවයි. විවිධ රටවල ආහාර වට්ටෝරු සාදන ටික්ටොක් වීඩියෝ විශාල ප්‍රමාණයක් ඇය සිදුකර තිබෙනවා. මෙම වීඩියෝ නැරඹීමට ලොවපුරා මිනිසුන් කැමැත්තක් දක්වනවා.

ඒ නිසාම අබීර්ගේ ටික්ටොක් ගිණුමේ මිලියන 19.1 ඉක්ම වූ ෆලෝවර්ස්ලා ප්‍රමාණයක් සිටීම විශේෂත්වයකි. තුර්කියේ ඉස්තාන්බුල්හි ජීවත් වන ඇය 1998 වසරේ සැප්තැම්බර් 24 වැනිදා උපත ලැබීය. මේ වනවිට වයස අවුරුදු 24ක් වන ඇය තුර්කි විශ්වවිද්‍යාලයෙන් ඉන්ජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් ලබාගෙන ඇත. ඇය ඉවුම් පිහුම්වලට අමතරව පින්තාරු කිරීම, චිත්‍ර ඇඳීම සහ වෙනත් කලා කටයුතුවලටද උනන්දුවක් දක්වන තරුණියකි. අබීර් සැබැවින්ම සුරූපී තරුණියකි. ඇය හිජාබයක් පැලඳ සිටින අතර කිසිදු විටෙක හිසකෙස් නොපෙන්වයි. ඇයගේ ටික්ටොක් වීඩියෝවල ඇය ඇඳ සිටින්නේ ඉතා ආකර්ෂණීය ඇඳුම්ය. එම ඇඳුම් ලා අබිර්ස් නම් ඇයගේම කාන්තා ඇඳුම් සාප්පුවෙන් ලබාගත් ඒවා වීමත් විශේෂත්වයකි. එමෙන්ම වළලු, මුදු සහ ඔරලෝසු පලඳනාවන් ලෙස ඇය භාවිත කරයි.

අබීර් සූපවේදිනියක ලෙස අනෙක් සූපවේදිනියන්ට වඩා සුවිශේෂී වන්නේ සූපවේදී කලාවට ඇයගේ ලාලිත්‍ය සහ සුන්දරත්වය මුසු කර ඇති නිසාය. ඇයටම ආවේණික වූ ක්‍රමවේදයකට ආහාර පිසින අබීර් සරාගී ලාලිත්‍යයක් අනුව විටෙක රංගනයක් සිදුකරන ආකාරයට ඉවුම් පිහුම් සිදුකරයි. අබීර් එල්. සහීර් පවසන පරිදි පසුගිය වසරේ එනම් 2021 පෙබරවාරි මාසයේ නිරෝධායන කාලසීමාව අතරතුර ඇයගේ ගමන නවමු ආරකින් ආරම්භ කර ඇත. සූපශාස්ත්‍ර කලාවට ඇති ආදරය අන් අය සමඟ බෙදා හදා ගැනීමට අබීර් යොදාගන්නේ ටික්ටොක් ඇප් එකයි. ලෝකයේ විවිධ රටවල රසවත් ආහාර පිසින වීඩියෝ ටික්ටොක් ඔස්සේ බෙදාහරින ඇය ශ්‍රී ලංකාවේ ආහාර පිළිබඳව අවධානය යොමු කිරීම සුවිශේෂීම සිදුවීමයි. 2021 වසරේ ලංකාවේ චිකන් කොත්තු රොටි රෙසිපිය ටික්ටොක් වීඩියෝවක් කිරීමට තෝරාගෙන තිබිණි. චිකන්, පරාටා ආදී කොත්තුව සෑදීමට අවශ්‍ය දේවල් ඉතා අපූරුවට පෙන්වමින් නරඹන්නන්ට කොත්තු කෑමට ආශාවක් ඇතිවන අන්දමට අබීර් ටික්ටොක් වීඩියෝවක් බෙදාහැර තිබිණි

චිකන් කොත්තු රොටි ටික්ටොක් වීඩියෝව සඳහා අබීර් තෝරාගෙන තිබුණේ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය වීමද විශේෂත්වයකි. මෙම ටික්ටොක් වීඩියෝව නරඹන විට ලාංකිකයන් වශයෙන් අපගේ සිත් තුළ ඇති වන්නේ අමුතුම හැඟීමකි. එයට එක් හේතුවක් වන්නේ අපේ රටේ ගීතයක් තෝරාගෙන තිබීමයි. මැදපෙරදිග යුවතියකගේ ටික්ටොක් රංගනයට සිංහල හඬ මුසු ගීතය එක්වූ විට එහි රසවත් බව තව තවත් වැඩි වී ඇත. ලංකාවේ දේශීය කුළුබඩු වන ඉඟුරු, සුදු ලූනු, ගම්මිරිස් වැනි ද්‍රව්‍ය චිකන් කොත්තුව සෑදීමට අබීර් යොදාගනී. හැකි තරම් ලංකාවේ අනන්‍යතාවට සහ රෙසිපියට ගරු කිරීමට මෙහිදී ඇය අමතක නොකරයි. ඇය චිකන් කොත්තු මෙන්ම ශ්‍රී ලාංකික ක්‍රමයට බත් සහ ව්‍යාංජන කිහිපයකුත් පිසින ටික්ටොක් වීඩියෝ සිදුකර තිබුණා

අබීර් සිය වීඩියෝව අවසානයේ ලංකාවේ කොඩිය කොත්තුවේ උඩින් සිටුවන්නේ සුවහසක් ශ්‍රී ලාංකිකයන්ගේ සිත් තුළ නිහතමානී ආඩම්බරයක් මුසු ආදරයක් ඇති කරවමිනි. ඇයගේ මෙම වීඩියෝව විශාල සංඛ්‍යාවක් නරඹා ඇති අතර ලාංකිකයන් ඉතා ආඩම්බරයෙන් යුතුව මෙම වීඩියෝවට ප්‍රතිචාර දක්වා තිබේ. එහිදී බොහෝදෙනා පැවැසූයේ ‘I’m Sri Lankan’ යනුවෙනි. අප ශ්‍රී ලාංකිකයන් බව ආඩම්බරයෙන් පැවැසීම මිනිසකුට සෑමවිටම සිදු කළ නොහැකිය. එසේ කීමට සිත් දෙන්නේ සැබැවින්ම අපේ රට පිළිබඳ ආඩම්බරයක් ඇති වූ විටය. අබීර් මෙම වීඩියෝව මඟින් එකී ආඩම්බරය සුවහසක් ශ්‍රී ලාංකිකයන්ට ලබාදුනි. එමෙන්ම ටික්ටොක් යනු කාන්තාවන්ට නිරුවතින් රැඟීමට වේදිකාවක් නොවන බවත් ඕනෑම පුද්ගලයකුගේ කුසලතාවන් ලෝකවාසීන් සමඟ ආදරණීයව බෙදා හදා ගැනීමට මහඟු තෝතැන්නක් බවත් අබීර් එල්. සහීර් ලොවටම කියාපෑවාය. චමෝදි පෙරේරා මව්බිම


Like it? Share with your friends!

1
1 point

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 2

0 Comments

Your email address will not be published.