“ලංකාවේ ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා මගේ හමේ පැහැය වෙනස්වීම


0

ඕෂධී හේවාමද්දුම… ඇය පුංචි තිරයේ දිදුළන ආකර්ෂණීය තාරකාවක්. ඇයට තියෙන්නෙ හරිම ආකර්ෂණීය රුවක්… ඊට ලොකුම හේතුව ඇයගේ හමේ පැහැය. ඉතාමත් දීප්තිමත් හමේ පැහැයක් ඇයට තියෙන්නෙ. ඔන්න ඉතින් ඒ ගැනත් ගෙවුණු වසරේ තමන් ලද ජයක් ගැනත් ඇය මේ විදියට වචන එකතු කරලා තිබුණා… 2022 Year end achievement !! මම සාමාන්‍යයෙන් මගේ ජීවිතය තුළ කාලය කියන දේ නාස්ති කරල දාන්න හරිම අකමැති කෙනෙක්.. කොටින්ම කිව්වොත් නිකම්ම ඉන්න අකමැති කෙනෙක්.. ඒක මගෙ සමීප හිතවතුන් හොදටම දන්න දෙයක්.. මට හැමතිස්සෙම මොකක් හරි වැඩක් කරන්න ඕන.. මොකද මම හැමතිස්සෙම හිතන දෙයක් තමයි.. “ අපේ ජීවිත හරි කෙටියි.. ලැබුණ ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ගන්න “ කියන එක..

මගේ මේ වයස අවුරුදු තිස් ගාණට මම ජීවිතය තුළ ගොඩක් දේවල් කරල තියෙන්නෙ ඒ නිසා.. බහුතරයක් මාව රංගන ශිල්පිනියක් කියන තැන ඉදන් බැලුවට.. එතනින් එහාට අධ්‍යාපනය, ව්‍යාපාර, දේශපාලනය, සමාජසේවය වගේ ගොඩක් දේවල් මම කරනවා.. මොකද මට ඒ හැමදේකම අත්දැකීම ලබාගන්න ඕන වුණා.. සමහර වැරදුණ තැනුත් නැතුවාම නෙවෙයි..ඒ වගේම ඒ හැමදෙයක්ම මම කළේ කාන්තාවක් විදියට පුද්ගලික ජීවිතේ ත් බිරිද, මව කියන භූමිකාවත් එක්කමයි .. ඉස්කෝලෙන් අයින් වුණාට පස්සෙ මම මගේ. උපාධිය කරන්නෙ ව්‍යාපාර කළමනාකරණය පැත්තෙන්.. ( විදේශීය විශ්ව විද්‍යාලයක ) නමුත් මගේ වෘත්තියත් එක්ක මට ඒ ඉගෙන ගත්ත දේ වැදගත් වෙන්නෙ මගේම ව්‍යාපාරයක් කරද්දි විතරයි.. ඔහොම ඉන්නකොට මට හිතෙනවා තව මොනව හරි ඉගෙනගන්න..

විශේෂයෙන්ම දුව ඉපදිලා එයාව බලාගෙන ගෙදර ඉන්න කාලෙ.. දරුවා වෙනුවෙන් ගෙදර ඉන්න වුණාට, ඒ කාලයෙනුත් ප්‍රයෝජනයක් ගන්න ඕන කියල මට හිතුණා.. මගේ වෘත්තිය ලගින් යන දෙයක් ඉගෙනගන්න ඕන කියන එක මට ඒ වෙලාවෙ ඔළුවට එනවා.. විශේෂයෙන්ම මේ වෙනකොට ලංකාවෙ ඉන්න බහුතරයකට ප්‍රශ්නයක් වෙලා තියෙනව මගේ හමේ පැහැය වෙනස්වීම.. දන්න කියන අයට ඕකට උත්තර දීලම මගේ කට රිදිල තිබ්බෙ.. සමහර අය හරියට තේරුම් ගන්නවා.. සමහර අය නැහැ.. ඒක ඉතින් කෙනාගෙ බුද්ධි මට්ටම අනුව තමයි වෙන්නෙ.. ඉතින් ඔය නිසාම මට හිතුණා, මම ‘ Cosmetology ‘ එහෙමත් නැත්නම් රූපලාවන්‍ය විද්‍යාව ගැන හදාරන්න ඕන කියන එක.. ගොඩක් අය දන්නෙ නෑ, රූපලාවන්‍යය සහ රූපලාවන්‍ය විද්‍යාව කියන්නෙ දෙකක් කියන එක..

රූපලාවන්‍යය කියන දේ විද්‍යාත්මකව හදාරන්නෙ බොහොම සුළු පිරිසක්.. මේ වෙනකොට බොහෝ දෙනා කරන්නෙ රූපලාවන්‍යය කියන දේ ඉගෙන ගෙන රූපලාවන්‍යාගාරයක් පවත්වගෙන යන එක.. ඒකට තමන් තුලින් එන සහජ හකියාවක් තියෙන්න ඕන.. තව කෙනෙක් ලස්සන කරන්නත් පෙර පිනක් තියෙන්න ඕන.. නමුත් cosmetology කියන්නෙ ඊට ගැඹුරින් ඉගෙනගන්න ඕන දෙයක්… සරල උදාහරණයක් කිව්වොතින්.. පහුගිය දවස්වල මම වෛරස් උණ හැදිලා ලෙඩ වුණා.. සමාජ මාධ්‍යවල මේක දැකපු සමහරු comment කරල තිබුණා.. ඔය සුදුවෙන්න ගහපු ඉන්ජෙක්ෂන් එකට වෙන්නැති, ඒවට පිළිකා ඇතිවෙනවා වගේ දේවල්.. මුලින්ම කියන්න ඕන සුදු වෙන්න කියල ගහන ඉන්ජෙක්ෂන් එකට ලෝකය පුරාම පාවිච්චි කරන සංඝටකය තමයි, Glutathione.. මේකෙන් සිදුවෙන්නෙ, ශරීරයේ නිෂ්පාදනය වෙන මෙලනින් අඩු කිරීම, ඒ වගේම රැලි වැටීම් අවම කිරීම වගේ දේවල්..Want to be a real racer? Click here!

ඒ වගේම ගොඩක් අය නොදන්න දෙයක් තමයි, Glutathione කියන්නෙ පිළිකා සෛල නාශක ෙඖෂධ සංඝටකයක් කියන එක.. ඒ කියන්නෙ Glutathione මගින් පිළිකා ඇතිවීම වලක්වනවා.. මේකෙන් දැනට අතුරු ආබාධ හැටියට වාර්තා වෙන්නෙ, allergies විතරයි.. ඒ කියන්නෙ සමහරුන්ට මේක අසාත්මික වෙනවා.. ( සමහර අයට පැරසිටමෝල් ත් allergy වෙනව වගේ.. ) ඒ නිසා තමයි කලින් allergy test එකක් කරන්නෙ.. මම මේ ගැන විස්තර කළේ මම මේ ගැන ඉගෙනගන්න නිසා.. නැතුව මම ඉන්ජෙක්ෂන් ගහල නෙමෙයි.. මේ විෂය හරියට දන්න කෙනෙක් මාව දැකපු ගමන් දන්නවා, මම ඉන්ජෙක්ෂන් ගහලද, නැත්නම් මොනව හරි ගාලද, නැත්නම් වෙන මොනව හරි කරලද එහෙමත් නැත්නම් ස්වාභාවික තත්වයක්ද කියන එක.. ඒ වගේම හමේ ඇතිවන Disorders සහ Diseases වෙන් කරල අදුනගන්න හැටිත් මේ විෂයෙ කියල දෙනව.. ඉතින් මම මේ වගේ දිග විස්තරයක් කරන්න හිතුවෙ, උඩ මම දාලා තියෙන photo එකේ මම සම්පූර්ණ කරල තියෙන්නෙ, මගේ අධ්‍යාපනයෙ එක කොටසක්.. ඒ සම්බන්ධව තව ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා.. තව ටික දවසකින් මම තව කොටසක් අවසන් කරනවා..

විශේෂයෙන්ම අවුරුද්දක් ගෙවිලා ඉවරවෙන මේ වෙලාවෙ මට අපේ කාන්තාවන්ට පණිවිඩයක් දෙන්න තියෙනවා.. හැම තිස්සෙම තමන්ගෙ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න.. විවාහවුණාම, දරුවො ලැබුණම, උපාධිය අවසන් කරලා රැකියාවකට ගියාම, ගොඩක් අය තමන්ගෙ ජීවිතේ සම්පූර්ණයි කියලා අතාරිනවා.. මතක තියාගන්න, අපි මැරෙනකම්ම target වලට යන්න පුළුවන්.. හැබැයි අපි මැරෙන්නෙ කොයි මොහොතෙද කියල අපි කවුරුත් දන්නෙ නෑ.. ඒ නිසා මේ ලැබුණ මනුස්ස ආත්මෙන් උපරිම ප්‍රයෝජන ගන්න.. වෙනස් දේවල් කරන්න, ලස්සනට ඉන්න, ජීවිතේ විදින්න.. FB එකේ අනුන්ගෙ කුණු හොය හොය ඉන්න වෙලාවෙ, FB එකේම දැනුම වැඩි කරගන්න දෙයක් කරන්න.. සමහරු කියයි, අපෝ එයාට ප්‍රශ්න නෑනෙ.. එයා කරයි.. කියලා.. නෑ.. ඔයාලට වගේම මටත් ප්‍රශ්න තිබ්බා, තියෙනවා.. FB එකේ මං තරම් හමේ පාට නිසා body shaming වලට ලක් වෙලා නැතුව ඇති ලංකාවෙ කිසිම නිළියක්..

ඒ විතරක් නෙවෙයි..දරුවො දෙන්නෙක් බලාගන්න ඕන.. පවුලෙ එකම දරුවා හැටියට අම්මයි තාත්තයි බලාගන්න ඕන.. මහත්තයගෙ වැඩ වලට උදව් කරන්න ඕන.. තව ගොඩක් දේවල්.. හැබැයි මට තියෙන්නෙත් අනිත් අයට වගේම අවුරුද්දෙ දවස් 365, දවසෙ පැය 24. මයි තමයි.. මම දවස පටන් ගන්නෙ උදේ 4.30 ට.. ඉවර කරන වෙලාව තීරණය වෙන්නෙ තියෙන වැඩ අනුව… හැබැයි මට මගේ වැඩ කරනකොට අනුන්ගෙ දේවල් හොයන්න වෙලාවක් ඉතුරු වෙන්නෙ නෑ.. ඒක තමයි ඇත්ත… ඒ නිසා තමන්ට තියෙන කාලයෙන් උපරිම ප්‍රයෝජනයක් අරන්, තමන්ට වැඩක් කරගන්න.. විශේෂයෙන්ම මේ වෙලාවෙ මට හයියක් වුණ මගෙ දෙමව්පියන් , සැමියා , සැමියගෙ නැන්දා මතක් කරන්නම ඕන.. ඒ වගේම මගේ ගුරුතුමි නිලන්ති වීරසිංහ මහත්මිය, cuccio team එකම මතක් කරනවා.. මට මේ Diploma එක ගැන දැනුවත් කරපු @SalonPR එකේ ලහිරු මල්ලි, ඒ වගේම assignments , trainings වලදි ආපු යාළුවො, උදව් කරපු මගේ යාළුවො හැමෝටම ආදරෙයි.. තාමත් ඔයාලා පරක්කු වැඩි නෑ.. පටන් ගන්න අළුත් target එකකට යන්න.. හෙටින් ඇරඹෙන අලුත් අවුරුද්දෙම… සියලු දෙනාටම සුබ නව වසරක් වේවා !!


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 2

0 Comments

Your email address will not be published.