වටිනා ඇඳුම් ඇන්දා කියලා අපේ වටිනාකම වැඩි වෙන්නේ නැහැ…


0

ඉතාම කෙටි කාලයකදී  දිගු ගමනක් පැමිණි සුරූපී රංගන ශිල්පිනියක් ලෙස ට  ඇයව හඳුන්වා දිය හැක. ප්‍රමිලා තෙනුජනා. නිරූපිකාවක් ලෙස මෙන්ම රංගන ශිල්පිනියක් ලෙසත් ඔබේ ආදරය නොඅඩුව ලබන යුවතියක්

ඔබේ සුන්දරත්වය නිසාම ඔබ කරන සෑම සෑම විලාසිතාවක් ම වාගේ ප්‍රේක්ෂකයන්ගේ ආදරයට ලක්වෙනවා?

සමහර වෙලාවට වෙන්න ඇති .කුඩා කාලයේ ඉඳලම ලස්සනට ,පිළිවෙලට අඳින පුරුද්ද මට තිබුණා .මම හරිම ආසයි දිග ඇඳුම්  අඳින්න.  මට ඒ පුරුද්ද පුංචි කාලේ ඉඳලම ලැබුණේ මගේ තාත්තාගෙන්. තාත්තා හරිම විරුද්ධයි කොටට අඳිනවට .ගැහැණු දරුවෙකුගේ වටිනාකම නොගැළපෙන විලාසිතා වලින් නැති  කරගන්න එපා කියලයි ඔහු නිතරම කිව්වේ .අද වන විටත් ඒ දැනුම මට ජීවිතේම කොටසක් බවට පත් වෙලා. සමාජයේ අපි දකින දේවල් අනුව තාත්තා එදා කියපු කතාව  අදට කොච්චර ගැලපෙනවද කියල මට අද වැටහෙනවා .

විලාසිතා කිරීමේදී මොනවගේ ද ගැලපිම   කරන්න උත්සාහ කරන්නේ?

මම හරි ආසයි අඳින ඇඳුමේ පාටට සපත්තු ගලපලා අඳින්න .  මගේ තාත්තට සපත්තු කඩයක් තියෙනවා. ඒ නිසා පාට පාට සපත්තු ගොඩක් මට තියෙනවා .මොන පාට  ඇඳුමක් ඇන්දත් ඒ  පාටට ගැලපෙන විදියට තාත්තා සපත්තු ජෝඩුවක් හදලා දෙනවාමයි..ගැලපීම කියලා මම ප්‍රධාන වශයෙන්ම කරන්නේ එක. ඊට අමතරව මම හරි කැමතියි මේකප් නැතුව ඉන්න.

කොණ්ඩෙ හාෆ් පොනිටෙල් එකක් දානවා. ආභරණ හැටියට ලොකු ලොකු ආභරණ පළදින්න මම කොහෙත්ම කැමැති නැහැ. පුංචි මාලයකුයි, මුද්දකුයි විතරයි ආභරණ විදිහට  පලඳින්න කැමති.

ඔබ කැමති ම විලාසිතාව?

මම හරිම ආසයි දිග ගවුම් වලට .

විලාසිතා තෝරා ගැනීමේදී වැඩිපුරම කැමැති මොන වගේ පාට වලටද ?

රතු ,රෝස ,කහ පාට තමයි මං ගොඩක්ම කැමති පාට. වැඩිපුරම ඇඳුම් තියෙන්නෙත් ඒ  පාට වලින්. කළු පාටටත් ආසයි. නමුත් මම කලු‍ පාට ඇඳුම්  අදිනවට අම්මා  කැමැති නැහැ.

කෙනෙක් ඔබව දුටු සැණින් ඔබ කරන විලාසිතා ගන්නෙ කෙසේද?

ඔයා අඳින විදිහ හරිම චාම් . හරිම සරලයි. හරිම ලස්සනයි කියලා තමයි හැමෝම කියන්නේ

ජීවිතේ ලස්සනටම සැරසුණු දවස ?

ලස්සනට ඇඳුමක් අදින්න හැම වෙලාවකම  ලස්සනයි කියන වචනය නිතර අහනවා. නමුත් මගේ මල්වර උත්සවය දවසේ දී අම්මා මාව හැඩ ගන්වලා කණ්නාඩිය ඉස්සරහට ගෙනාපු දවස මට වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සතුටු අවස්ථාවක්. ඒ තරමට ම මම එදා ගොඩක් ලස්සනයි.

විලාසිතා කිරීමේ දී ඔබ මොන වගේ කරුණු ගැනද සැලකිලිමත් වෙන්නේ?

සහභාගි වන තැන ගැන විශේෂයෙන්ම හිතනවා.  උත්සවයකට සහභාගි වෙන විදිහට පූජනීය ස්ථානයකට ගියොත් ඒක විහිළුවක් වෙන නිසා සහභාගි වෙන තැන ගැන විශේෂයෙන් ම සැලකිලිමත් වෙනවා. ඒ වගේමයි ඇඟේ හැඩය, හමේ පාට ගැනත් හිතනවා. වයසට ගැළපෙන විදිහට විලාසිතා කරන්න ඕනේ කියන හැඟීම තියෙනවා. වයසට නොගැළපෙන විලාසිතා කරලා අපහසුතාවයට පත්වෙන අවස්ථා ඕනෑ තරම් දකින නිසා ඒ ගැනත් සැලකිලිමත්  වෙනවා .අනිත්

ප්‍රධානම දේ තමයි මොන විලාසිතාව තෝරාගත්තත්  මට  වටිනාකමක් ලැබෙන විදියටයි විලාසිතා තෝරා ගන්නේ .

පුංචි අවධියේදී විලාසිතා කරපු විදිය කොයි විදිහට ද මතක තියෙන්නෙ ?

මට මතකයි අම්මා හරිම ලස්සනට අපිට අන්දනවා. අඳින හැම  පාටකම ඇඳුමකට ම  ලස්සන සපත්තු පුංචි කාලේ ඉඳලම තාත්තා හදලා දෙනවා. තව දෙයක් තමයි ඉස්සර අවුරුද්දට ඇඳුම් මහනකොට  අම්මටයි, මටයි, නංගිටයි එකම වර්ගයේ රෙදි වලින් තමයි ඇඳුම් මහන්නේ .ඒ වගේ ගැළපීම් හරිම ලස්සනයි සහ පවුලටත් එකමුතුකමක් එකතු වෙනවා.

විලාසිතා තෝරා ගැනීමේදී අනුකරණය කරනවා ද ?

මම හරිම ආසයි ඉන්දියානු විලාසිතා වලට. දකින දකින විලාසිතා  කරන්න පුරුද්දක් නම් මට නැහැ .ඒ වගේමයි කවුරුත් කරන විලාසිතා ඒ විදිහටම මට ගැළපෙනවා කියලා මම කරන්න උත්සාහ ගන්නෙත් නැහැ .ගොඩක් වෙලාවට මම ආසම විලාසිතා ව   රෙදි අරගෙන මම කැමති විදිහට ,මගේ ඇඳුම් මහන ආන්ටි ට කියලා මස්ස ගන්නවා .

ඔබ කරන විලාසිතා ඔබට ආදරය කරන පිරිස අනුකරණය කරනවා කියලා කියලා ඔබ දන්නවාද ?

ඔව් ගොඩක් අය. මග තොටේ දී හම්බ උනාම වගේම එෆ්බි එකේ පණිවිඩ එවනවා. මම විලාසිතා කරන්නේ කොහොමද කියලා අහලා තියෙනවා. තව අය අහල තියෙනව ඇඳුම් ගන්නෙ කොහෙන්ද කියලත්.  සමහර අය මම අඳින ඇඳුම් ඒ විදියටම  මහලා අඳිනවා කියලා හම්බ උනා ම සමහර අය කියනවා.   සමහර වෙලාවට ෆොටෝ ෂුට් වලට මම අඳින ඇඳුම් වලට ලොකු ඉල්ලු‍මක් තියෙනවා කියලා දැනගන්න ලැබිලා තියෙනවා .

විලාසිතා කිරීමේ දී අමතක නොවන සිදුවීම් එහෙම වෙලා තියෙනවද ?

ඔව්. කිහිපයක්ම තියෙනවා. එකක් කියන්නම්කො. මම මගේ පළමුවෙනිම බ්‍රයිඩ්ල් ෂෝ එකට ඉන්න කොට මගේ වයස අවුරුදු 15යි. එතකොට  මම ගොඩක් කෙට්ටුයි. මාව නිරූපණය වෙනුවෙන් හැඩ ගන්වා තිබුණේ උඩරට මනාලියක් විදිහට. ෂෝ එක පටන් අරන් මගේ වාරය එනකොට මගේ ඔසරිය බැඳලා තිබුණු පටිය ගැලවුනා. සාරිය  බිම වැටෙන්න ගියා .එතකොටම මමත් බිම වාඩි වුණා . ඒ වෙලාවේ ලොකු බයක් වගේම ලැජ්ජාවකුත් හිතට දැනුනා.

විලාසිතා කිරීමේදී වැඩිම මුදලක් දීලා විලාසිතා කරන්න ඕනේ කියන හැඟීමක් ඔබට තියෙනවා දැන් ?

අනේ නැහැ .මට ගැළපෙනවා නම් පුංචි කඬේකින් වුණත් අරන් අඳිනවා. තත්වයෙන් උසස් ම විලාසිතා කරන්න ඕනේ, විලාසිතා වලට වැඩිම මුදලක් ගෙවන්න ඕනෙ කියන මානසික මට්ටමක් මට කවදාවත් තිබුණේ නැහැ .අනිත් දේ තමයි මම නිතර හිතෙනවා වටිනා ඇඳුම් ඇන්දා කියලා අපේ වටිනාකම වැඩි වෙන්නේ නැහැ  කියන එක.

හිතට හරියන විදියට විලාසිතාවක් කළහම මොන වගේ හැඟීමක් ද හිතට දැනෙන්නේ ?

හිතට ලොකු සතුටක්. ලස්සන දේ ට අගය කිරීමක් ලැබෙන  කොට ඊටත් වැඩිය ලොකු සතුටක්.

සැබෑවටම ”‍විලාසිතාවක්”‍ විදියට ඔබ දකින්නේ කුමක්ද ?

මම හිතන්නේ විලාසිතාවක් කියන්නේ සාපේක්ෂ දෙයක්. කෙනෙකුට ලස්සන  දෙයක් තව කෙනෙකුට ගැළපෙන්නෙ  නැති වෙන්න  පුළුවන් .කොහොම නමුත් අපගේ රුචි අරුචිකම් පෞරුෂය කියන දේවල් සියල්ල අපි කරන විලාසිතා වලින් පිළිබිඹු වෙනවා  කියලා මම විශ්වාස කරනවා.

අසුන්තා එදිරිසූරිය


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.