The Weeknd – Abel Makkonen Tesfaye
ද වීකෙන්ඩ් නොහොත් ඒබල් මැකොනෙන් ටෙස්ෆායේ උපත ලබන්නේ 1990 පෙබරවාරි 16 කැනඩාවේ ටොරන්ටෝ හීදීයි.ඔහුගේ මවුපියන් ඉතියෝපියාවේ සිට සංක්‍රමණය වී ඇති අතර කුඩා කලදීම මවුපියන් වෙන්වීම නිසා ඔහු හැදීවැඩී ඇත්තේ තම මව සහ මිත්තණිය සමගයි.
වරක් එක් වැඩසටහනක ඔහු තම පියා ගැන කියලා තිබුනේ මේ වගේ අදහසක්
“මම ඔහුව මුලින්ම දැක්කේ මට වයස අවුරුදු හයේදීත්, පසුව නැවතත් මට අවුරුදු 11 හෝ 12 වන විටදීයි, ඔහුට අළුත් පවුලක් සහ දරුවන් සිටියා. ඔහු ජීවත් වූනේ කොහෙද කියලවත් මන් දැනන් සිටියේ නෑ. – මට විශ්වාසයි ඔහු විශිෂ්ට පුද්ගලයෙක් බව. මම කවදාවත් ඔහුව විනිශ්චය කළේ නැහැ, , ඔහු මත්පැන් පානය කරන්නෙකු නොවේ, ඔහු නරක කෙනෙක් නෙමේ, “
ඒබල් වයස අවුරුදු 17 දී තවත් පාසල් මීතුරන් දෙදෙනෙක් සමග නිවෙස් සහ පාසල් ගමන අතහැර වෙනම ජීවත් වීමට තීරණය කරල තියෙනවා.මේ තීරණය ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් කරනවා.මුල් අවධියේදී ඒ ජීවිතය අතිශය කටුක වී තිබෙනවා. සමේ පැහැයත් ඉතියෝපියානු සම්භවයත් නිසා කුඩා කල සිටම විවිධ තාඩනපීඩන වලට සිත් රිදවීම්,හිරිහැර වලට ලක්වූ ඒබල් මත්ද්‍රව්‍ය වලටත් තදින්ම ඇබ්බැහි වනවා.මේ හින්දම වීවිද ප්‍රශ්නවලට පැටලී දෙතුන් වතාවක්ම පොලිස් අත් අඩංගුවටත් පත්වෙලා තියෙනවා.එපනක් නොවේ ඒබල් එම කාලයේදී නිවසක් නොමැතිවීමෙන්ද දැඩී ලෙස පීඩාවීද තිබෙනවා.
කාලය මෙහෙම ගෙවීගෙන යනවත් එක්ක ඒබල් 2009දී YOUTUBE චැනල් එකක් පටන්ගෙන ඔහු නිර්මානය ,කල ගීත අප්ලෝඩ් කරනවා.ඒ නිර්ණාමීකව. මේ ගීත වල තිබෙන පදරචනා / තනු බොහෝවිට ජීවිතයේ අදුරු පැතිකඩ ඉස්මතු කරමින් ඔහු නිර්මානය කල නිසාම මේවා ට්කෙන් ටික ජනප්‍රිය වෙන්න පටන් ගන්නවා.ඉතින් මේ ගීත ජෙරමි රෝස් කියන එක සංගීත නිෂ්පාදකවරයෙක්ගේ අවදානයට ලක්වෙලා ඔහු ඒබල්ට ආරාධනා කරනවා ඔහුගේ ස්ටුඩියෝ එකට.එහෙදී ඔහුගේ දක්ෂතා දැක්ක ජෙරමී ඒබල් සමග ගීත 3ක් නිශ්පාදනය කරනවා.ඒ ගීතත් ඔහු අප්ලෝඩ් කරන්නේ “xoxxxoooxo”කියන නාමයත් එක්ක.කවුරුත් ඔහුගේ අනන්‍යතාව දැනන් හිටියේ නෑ.අද වෙනකොට ඔහු තම රෙකෝඩ් ලේබලය නම් කර ඇත්තේද XO ලෙසයි.ඒ වනවිට මේ ගායකයා කවුද? ඔහුගේ අනන්‍යතාව මොකක්ද? කියලා දැනන් නොසිටියත් ඔහුගේ ගීතවලට ලොවපුරා රසිකරසිකාවියන් ආදරය කරනවා.
මේ කාලයේදී ජනප්‍රිය රැප් ගායක ඩ්‍රේක් විසින් ඔහුගේ සමාජමාධ්‍යය තුළ ඒබල් ගැන වර්ණනා කරමින් යම් සටහනක් යොදා පසුව ඔහුගේ ප්‍රසංග වල ගායනා කිරිමටද ඒබල්ට ආරාධනා කරනවා..මෙතනින් පස්සේ ඒබල්ගේ අනන්‍යතාව ඔහුගේ කතාව මුලු ලොව පුරා කතාබහට ලක්වීමත් එක්ක අද වනතුරු ඔහුගේ ජනප්‍රියතාව දිනෙන් දින වැඩීවූවා මිසක් බිදකින්වත් අඩුවුනේනම් නෑ.අද වනතුරු ඩ්‍රේක් සහ ඒබල් හොද මීතුදමක් පවත්වාගෙන යන අතර ඒබල් ඔහු නිර්මාණය කල ගීත ඩ්‍රේක්ට ලබාදීලත් තියෙනවා.
ඒබල්ගේ උපන්නාමය බොහෝ දෙනෙක්ට උච්චාරණය කිරීමට අපහසු නිසා ඔහු The weeknd යන නම භාවිතා කිරීමට තීරණය කරනවා.මේ නම භාවිතා කිරීමට හේතුව වන්නේ ඔහු නිවස අතහැර පැමිණ ගතකළ පළමු සතියේ අත්දැකීම් සිහිපත් වීමට බව වරක් ඔහු සදහන් කරනවා.නමුත ඔහුට පෙර The weeknd නමින් කැනේඩියානු සංගීත කණ්ඩායමක් සිටින බැවින් ඔහු weekend යන වචනයේ E අකුර ඉවත්කර ඒ නම භාවිතා කරනවා.
Blinding Lights, Call out my name, Heartless, Save your tears, Starboy , The Hills ,Out of Time, Earned it, I feel it coming යන ගීත ඔහුගේ ලෝප්‍රකට ගීත කිහිපයක් වන අතර,Youtube තුළ වීව්ස් බිලියනය පසුකල ගීත කීහීපයෙන් ගීත රැසකටම ඒබල් හීමිකම් කියනවා.ඒ වගේම මේ වන විට ග්‍රැමී සම්මාන 4ක් සහ තවත් සම්මාන රාශියක් දීනා ඇති ඒබල්ගේ විශේශත්වයක් වන්නේ ඔහුගේ ගීත වල 80 දශකයේ ශබ්ද සමග මයිකල් ජැක්සන්ගේ ගීත ආරයද එක් වී තීබීමයි.ඒ නීසා මොහුව මීලඟ මයිකල් ජැක්සන් ලෙසද ඇතැමුන් හදුන්වනවා.කෙසේවෙතත් තමන්ගේ අනන්‍යතාවයක් ගොඩනගා ගෙන ඇතී ඒබල් මේ පරම්පරාවේ සිටීන දක්ෂතම තරුව බවට කිසිදු සැකයක් නෑ.
ඒබල්ගේ වර්තමාන වටිනාකම ඇ.ඩො 300 ඉක්මවන අතර කලක් නිවසක් නොමැතිව සිටි ඔහුට මේ වනවිට ලොස් ඇන්ජලීස් වල පමනක් සුඛෝපබෝගී මන්දිර 5ක් තිබෙනවා.එසේම ඔහු සමාජසත්කාර උදෙසා විශාල වශයෙන් දායකත්වය දක්වන තරුවක්.
ඒබල් මාද්‍ය හමුවීම් වලට දැඩි අකමැත්තක් දක්වන අතර අන්තර්ජාලය තුළ ඔහු සිටීන සාකච්ඡාවක් වැඩසටහනක් හොයාගන්න එකත් හරිම අසීරුයි.ඔහුගේ ආදර සම්බන්ධතාද ලොව පුරා රසිකයින්ගේ අවදානයට ලක්වූ ඒවා වූ අතර සුපිරි මෝස්තර නිරූපිකාවක් වූ බෙලා හඩීඩ් සහ තවත් සූපිරි හොලිවූඩ් තරුවක් වූ සෙලීනා ගෝමස් සමග ඔහුට තිබූ සබදතා ඔහුගේ කාර්යබහුලබව නිසාම අහීමීව ගිය බව බොහෝ දෙනාගේ අදහසයි.







Bella Hadid & The weeknd






0 Comments