වයසට ගැළපෙන විදිහට මැරෙනකම්ම ලස්සනට විලාසිතා කළ යුතුයි….


0

කලා ලෝකයට පෑයූ තවත්  දීප්තිමත් ම තාරකාවක් ලෙස ට සොඳුරු අැය හඳුන්වා දිය හැක. තාරකා වන්නිආරච්චි නම් හැමදාම ලස්සනට ඉන්න ඇයව අපි මෙවර ෆැෂන්  පිටුවේ හැඩ වැඩ ද කතා කරන්නට ආරාධනා කළෙමු.

මොනවද තාරුකා මේ දිනවල කෙරෙන්නේ ?

පුතාට දැන් අවුරුදු දෙකක්. කලා  කටයුතු වලින් මදකට ඈත් වෙලා පුතා එක්කම තමයි දැන් වැඩිපුරම කාලය ගත වෙන්නෙ.

ඔබ හැමදාමත් ලස්සනට ඉන්න ලස්සන ට අඳින කෙනෙක් ?

ඔව් මම හරිම ආසයි හැමදාම ලස්සනට ඉන්න. දියණියක්, මවක් ,බිරිඳක් විදියට ජීවිතේ විවිධ චරිත වලට පණ පෙවිවත් අපි අපිට  ගැලපෙන විදියට, වයසට ගැළපෙන විදිහට මැරෙනකම්ම ලස්සනට විලාසිතා කළ යුතුයි කියලයි මම නිතරම හිතන්නේ.

විලාසිතාවක් කියන්නේ මොකක් විදිහට ද ඔබ දකින්නේ?

ෆැෂන් කියන්නේ එකිනෙකාට වෙනස් තෝරාගැනීම් සමුදායක්. විලාසිතාව ක දී ගැළපීමයි ඉතාම වැදගත්.  සමහර වෙලාවට නොගැලපීම් ගොඩකින් ගැලපීමක් කරගන්න උත්සාහ ගන්න අවස්ථාත් තියෙනවා. තමන් කැමති විලාසිතාවක් ආත්ම විශ්වාසයකින් කරනවා නම් බාහිර පාර්ශවයෙන් කුමන දේවල් කිව්වත් ලොකුවට හිතන්න අවහ්‍ය නැහැ.. සැබෑවට ම විලාසිතා කළ යුත්තේ තමන්ගේ කැමැත්තයි තමන්ගේ ගැළපීමයි අනුව හිතලා. බිරිඳක් මවක් විදිහට පවුලේ අයගේ හිත රිදෙන්නෙ නැතිවෙන්න විලාසිතා තෝරා ගත යුතුයි කියලා මම පෞද්ගලිකව හිතන්නෙ.

ඔබ විලාසිතාවක් කිරීමේදී  මොන වගේ  කරුණු කෙරෙහිද සැලකිලිමත් වෙන්නේ ?

ප්‍රධානම දේ තමයි සහභාගී වන තැන ගැන සැලකිලිමත් වීම. ඒ තැනට කොයි වගේ පිරිසක් ද සහභාගි වෙන්නේ කියන එක ගැනත් හිතනවා. ඊට අමතරව මගේ ඇඟේ හැඩය,  වයස, හමේ පාට සහ මම  කැමතිම පාට වලින් විලාසිතා තෝරා ගන්නත් උත්සාහ කරනවා.

ඔබ වඩාත්ම කැමැති මොනවගේ  විලාසිතා කරන්නද ?

මම හරිම ආසයි ඉන්දියානු සම්ප්‍රදායෙ විලාසිතා වලට. මම එම විලාසිතා වලට ගොඩක් ලස්සනට පේනවා.

ඔබ කැමතිම පාට?

 මම හරිම ආස සුදු පාටයි ලා රෝස පාටයි. නමුත් විශේෂ අවස්ථා වලට විලාසිතා තෝරා ගැනීමේදී තද පාට තෝරාගැනීම සිද්ධ කරනවා.

ඔබව  බොහෝ දෙනෙක් දකින්නේ   මොන වගේ විලාසිතා කරන කෙනෙක් විදිහටද?

හරිම චාම් කියන වචනය නම් නිතරම අහනවා. ඊට අමතරව මොන ඇඳුම ඇන්දත් හරිම ලස්සනයි ,ඔබ හරිම ලස්සනට පිළිවෙලට අඳිනවා.ඔයා ඇඳුම ගත්තෙ කොහෙන්ද ,ගාන කීයද කියන දේවල් නිතරම වගේ අහනවා.

විලාසිතාවක් කිරීමේදී ගැලපීම ගැන සැලකිලිමත් වන්නේ කොයි විදිහටද?

කොණ්ඩය ගැලපෙන විදිහට සකස් කිරීමේ ඉඳලා පාදයේ නියපොතු දක්වාම විලාසිතාවක් කිරීමේදී මම සැලකිලිමත් වෙනවා .අපි අඳින ඇඳුමට තව වටිනාකමක් එක් කරන්න අප පලඳන ආභරණ ,පාවහන් ,හෑන්ඞ් බෑග් එක පවා උපකාරී වෙනවා .එම නිසා මම ගොඩක් වෙලාවට අඳින ඇඳුමට හෑන්ඞ් බෑග් එක පවා මැච් කරන්නයි පුරුදු වෙලා ඉන්නේ. අත් ඔරලෝසු පලඳින්න මම ගොඩක් කැමති.

විලාසිතා කියන විෂය ගැන ඔබ නිරතුරුවම අවදියෙන් ද සිටින්නේ?

ඔව්. විලාසිතා කියන්නෙ නිතරම අලු‍ත් වෙන විෂයක්. ඒ නිසා මම ආසම හොලිවුඞ්, බොලිවුඞ්  වගේම බටහිර පන්නයේ නිතර වෙනස් වෙන විලාසිතා  ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා.

ලෝකයේ ඔබ වඩාත්ම කැමති කෙනෙක් ඉන්නවද විලාසිතා කරන?

මම හරිම ආසයි ලෝකප්‍රකට ගායිකාවක් වන ඇනා මරී ගෙ විලාසිතා වලට.

ගැලපෙන විදියට විලාසිතාවක් කලාම හිතට මොන වගේ දෙයක්ද  දැනෙන්නෙ ?

හිතට ලොකු සතුටක්. ඒ වගේම පුංචි ආත්ම අභිමානයකුත් පුංචි ආත්ම තෘප්තියකුත් හිතට දැනෙනවා.

ඔබ කරන විලාසිතාවක් අන් අය අගය කරද්දි මොන වගේ දෙයක්ද හිතට දැනෙන්නේ ?

විශේෂ අවස්ථාවකට සහභාගී වෙනකොට අපි විලාසිතාවක් කරන්නේ ටික දිනක ඉඳල පෙර සූදානමකින් .ඒ වගේම අඳින ඇඳුම ,දාන සපත්තු, ආභරණ ,මේකප් එක ගැන පවා ගොඩක් සැලකිලිමත් වෙනවා ..එහෙම පෙර සූදානමකින් සැරසිලා උත්සවයකට සහභාගී උනාම ”‍ඔයා හරිම ලස්සනයි කියලා ඇහෙන කොට  වචනයෙන් කියන්න බැරි සතුටක් හිතට දැනෙනවා.

අඳින ඇඳුමකින් කෙනෙක්ව මනින්න පුළුවන් කියලා  ඔබ විශ්වාස කරනවද?

 යම්තාක් දුරකට පුළුවන් කියලා කියලා මම හිතනවා. අප තෝරා ගන්නා විලාසිතාවේ පාට, තෝරාගන්නා හැඩය, අපගේ සිතිවිලි, කැමති දේවල් එක්ක ගොඩක් වෙලාවට සම්බන්ධයි .එම නිසා කෙනෙකු අඳින විදිහෙන්  යම්තාක් දුරකට කෙනෙකු ගෙ සිතුවිලි  මනින්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.

මිලෙන් වැඩි, බ්රෑන්ඩඞ් ඇඳුම් අඳින්න ඕනේ කියලා කැමැත්තක් ඔබටත් තියෙනවද ?

නෑ මටනම් එහෙම විශේෂ කැමැත්තක් නැහැ. මහත්තයා නම් ගොඩක් වෙලාවට බ්රෑන්ඩඩ්  ඇඳුම් මට ගෙනත් දෙනවා.නමුත් මට ගැළපෙනවා නම් ලොකු මුදලක් වියදම් නොවුණත් මම එවැනි විලාසිතාවක් කැමැත්තෙන් තෝරා ගන්නවා.

ඔබ තෝරාගන්නා විලාසිතා ගැන ගෙදර අයගෙන් මොන වගේ ප්‍රතිචාරයක්ද  තියෙන්නෙ?

හරිම ඉහළයි. මහත්තයාගෙනුයි, අම්මගෙනුයි අහලා තමයි අදටත් මම මට ගැළපෙන බොහෝ විලාසිතා තෝරා ගනු ලබන්නේ. පුංචි පුතාත් දැන් දැන් මම ලස්සනට අඳින්න කොට මූණෙ හිනාවක් පොරවගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා.ඒ අය හැමෝම ආසයි මම ලස්සනට ඉන්නවාට. ලස්සනට අඳිනවට.

සාමන්‍ය ගමනට ඔබ මොන වගේ විලාසිතා ද තෝරා ගන්න කැමතියි?

සරල බවයි පහසුවයි අංක එක. ඒ නිසා ඩෙනිමක් ඇඳලා ටී ෂර්ට් එකක්  දාගෙන සැහැල්ලු‍ සෙරෙප්පු දෙකක් දානවා තරම් පහසුවක් තවත් නැහැ.

මෙතෙක් ඔබ කළ විලාසිතාවලින් අමතක නොවන ම විලාසිතාව මොකක්ද ?

මගේ විවාහ උත්සවයේ දී සැරසුණු විදිහ  අදටත් හරිම ලස්සන මතකයක්. අදටත් එම විලාසිතාව ගැන අහලා දුරකථන ඇමතුම් ලැබෙනවා. එදා මම ගොඩක් ලස්සනයි.

පුංචි කාලේදී ඔබ විලාසිතා කරපු විදිහ මතක තියෙනවද?

විලාසිතා කියන විෂය ගැන ලොකු අවබෝධයක් පුංචි අවදියේ දී ඇත්තටම තිබුණේ නැහැ. නමුත් මම හරිම ආසයි ලු‍ ගවුම් වලට  කියලා අම්මා නිතරම කියනවා.

අසුන්තා එදිරිසූරිය


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.