වෙඩින් ෆොටො එකේ බඩ පේන්න එඩිට් කරලා බදින්න කලින් ප්‍රෙග්නට් කියලා මට කතා හැදුවා..


0

මේ දිනවල බොහෝ සෙයින් ගොඩක් දෙනෙක් අතර කතාබහට ලක්වෙන ආන්දෝලාත්මක චරිතයක් වෙච්ච කෙනෙක් තමයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියන්නේ. දේශපාලන වේදිකාව තුළ ට ආපු දවසේ ඉඳන් හිරුණිකා කියන්නෙ හැමදාම දැනෙන්න දෙයක් කරන්න උත්සාහ කරන කෙනෙක්. ඒ වගේම තමයි සෑම අවස්ථාවකදීම කාන්තාවන් එක්ක එකතු වෙලා විවිධ ආකාරයේ වැඩපිළිවෙලවල් ඇය දියත් කළා.

හිරුණිකා මේ වෙද්දි ආදරණීය දරුවන් තුන් දෙනෙකුගේ මවක්. ඒ වගේම තමයි ඔහුගේ ආදරණීය සැමියා කලා ලෝකයේ රංගන ශිල්පියෙක් විදිහට කටයුතු කරන්න හිරාන් යට්ටෝවිටයි.ආදරණීය සැමියෙක් විදියට සමාජයේ නොයෙකුත් ගැරහුම් අභියෝගතා මැද තමන්ගෙ බිරිඳට ඒ සියලුම දෙයට ධෛර්යක් වෙන්න ඔහුට අද වෙද්දි හැකියාව ලැබිලා තියෙනවා. වගේම තමයි ඇයට අද වෙද්දූ නොයෙකුත් ආකාරයේ කට කතාවන් සමාජ මාධ්‍ය පුරාවටම පළවෙලා තිබුණා. ඒ සම්බන්ධයෙන් ඇයගේ ආදරණීය සැමියා මොන වගේ අදහසක්ද දක්වන්නේ කියලා අහපු අවස්ථාවක හිරුණිකා පුවත් පතකට කිව්වේ මේ වගේ කතාවක් “ඒ වගේ දේවල් දැක්කහම එයා ඇවිල්ලා මගේ හිත හදන්න නිරන්තරයෙන්ම උත්සාහ කරනවා. ඒ වගේ වෙලාවට මම හිනා වෙලා උත්තර දෙනවා එතකොට මම ඒ ගැන වුණත් දුක් වෙන්නේ නැහැ කියන එක හිරාන් තේරුම් ගන්නවා. අපේ දේශපාලනය වගේම අපේ රටත් දැන් මඩගොහොරුවක් වෙලා ඉවරයි ඉතින් අපි ඉන්නේ මට ගොහොරුවක කියන එක ඔහු තේරුම් අරන් ඉන්නේ.

ඉතින් අන්න ඒ නිසා පසුගිය දවස් වල රට තුළ පවතින මේ තත්ත්වය නිසා ඇයත් පාරට බහින්න තීරණය කරනවා. මේ අවස්ථාවේ දී පොලිස් ආරක්ෂාව නොතකා හිරුණිකා පිරිසක් සමග අගමැති තුමා හම්බ වෙන්න උත්සාහ කරා. ඒ වගේම තමයි ඇය පොලිස් නිලධාරීන් ඉතාමත් සෙනෙහසෙන් සිප වැළඳ ගෙන තිබුණා. ඒක කලේ පිවිතුරු චේතනාවෙන් කියලත් හිරුණිකා පසුව සඳහන් කරලා තිබ්බා. ඒ වගේම තමයි ඇය දේශපාලනයට ආවටත් පස්සේ එන්නත් කලින් ඉඳන්ම නොයෙකුත් ආකාරයෙන් කටකතාවක් වලට මුහුණ දීපු කෙනෙක්. සමාජ මාධ්‍ය වන පවා ඒ දේවල් ලොකුවට කතා වෙලා තියෙනවා.හිරුණිකා කිව්වේ මේ වගේ කතාවක්

“මට දැන් ඔය වගේ කතා හොඳට පුරුදුයි. පිරිමියෙක්ගෙ ඇඳුමක් එහෙට මෙහෙට වුනානම් අයියලට ඒක මැජික් එකක් වෙන්නේ නැහැ. මේ දේවල් වලට සමහරු ගෑනු හිනා වෙනවා මම දැක්කා. මාව නම් ඒ වගේ දේවල්වලින් වට්ටන්න අමාරුයි දේශපාලනයට එන කොට මට අවුරුදු 24යි. එදා ඉඳන් මම ඔය අත්දැකීමට මුහුණ දෙනවා. ඔන්න එක පාරක් බඩ ටිකක් ලොකුවට පේන විදියට මගේ wedding ෆොටෝ එක එඩිට් කරලා මම කසාද බැන්දේ බබෙක් හම්බෙන්න ඉන්න නිසා කියලා කිව්වා

එදා ඉඳන් අද දක්වාම ඇය විවිධාකාරයේ කට කථාවන් වලට ගොදුරු වෙච්ච කෙනෙක්. අද සියලුම දේවල් එක්ක ජීවිතේ බොහෝ දුරක් ඇය ඇවිල්ලා. ගොඩක් දෙනෙක් අද වෙද්දි රට තුළ පවතින මේ තත්ත්වය නිසා system change එකට යන්න ඕනි කියන තැන තමයි ඉන්නේ. නමුත් මහලොකුවට system change ගැන කතා කරන බොහෝ විද්වතුන් යයි සම්මත පිරිස කාන්තාවකගෙ නිරාවරණය වූ පියවුරු දැක්කත් කුලප්පු වන පිරිසක් බවට පත් වෙලා. ඒ විදිහට සිස්ටම් එකක් එකක් කරන්න පුලුවන්ද කියන එක ලොකු ගැටලුවක්. ඒකට හේතුව පසුගිය දවසක විරෝධතාවයේ නිරත වෙච්චි හිරුණිකත් මේ සිදුවීමට මුහුණ දුන්නා. ඒ කියන්නේ ඇය උද්ඝෝෂණය සිද්ධ කරන අවස්ථාවේදී ටිකක් උද්වේගකාරී අවස්ථාවකට මුහුණ දුන්නා.ඒ වේලාවේ ඇගේ සාරි හැට්ටෙ ටිකක් උඩට පියවුරු විවෘත වෙලා පෙනුනා. බොහෝ දෙනෙක් මේ අවස්ථාව අල්ලගෙන ඇයට විවිධාකාරයේ වීඩියෝ පෝස්ට් නිර්මාණය කරන්න පටන් ගත්තා. System change එකක් එල්ලන්න මිනිස්සු මේ වගේ හැසිරෙනවා ද කියලා අහපු අවස්ථාවක හිරුණිකා ඒ සම්බන්ධයෙන් කිව්වේ මේ වගේ කතාවක්.

“හැට්ටෙට උඩින් පේන පපු කෑල්ලක් දැක්කහම චූන් වෙන පිරිසක් එක්ක මොන system change කියලාඑදා මට හිතුණා. බස් එකේ යන ගෑනියෙක්ට කවුරු හරි කරදර කරනවා වටේ ඉන්න අය හ්ම් කියන්නේ නැහැ පොඩි දරුවන්ට කරදර කරලා මඩ ගොහොරුවක ජීවිතේ නැති කරලා දාලා තියෙද්දි කවුරුත් සද්දයක් නැහැ. හැබැයි දරුවන්ට හරි හාමන් ලිංගික අධ්‍යාපනයක් ලබා දෙන්නදෙන්න යද්දි ඔන්න අපේ කටවල් ඇරෙනවද්. 225 වෙනස් කරන්න කලින් අපේ රටේ මිනිස්සුන්ගෙ ඔළු ගෙඩි ටික සුද්ද කරන්න ඕනේ. “ ඇය මේ සිද්ධිය සම්බන්ධයෙන් ඒ විදියට තමයි අදහස් දැක්වූවේ. ඉතාමත් ලාබාල අවධියේ දේශපාලනයට සම්බන්ධ වෙච්ච් ඇය අද වෙද්දි බොහෝ දේවල් කරන්න අරමුණු කරගෙන ඉන්නවා. ඉතින් ඒ බලාපොරොත්තු එයාකාරයෙන්ම ඉෂ්ට සිද්ධ කර ගන්නට හැකියාව ලැබේවා කියා ඇයට අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 2

0 Comments

Your email address will not be published.