එළඹෙන ජූනි මාසය වන විට ශ්‍රී ලංකාවේ ඇති විය හැකි ආහාර හිඟය නිසා බොහෝ දරුවන්ට මන්දපෝෂණ තත්වයක් ඇතිවිය හැකි බවත් ගර්භණී මවුවරුන්ද එවැනි මන්දපෝශණ තත්ත්වයකට පත්වීමෙන් අඩු බර දරු උපත් වැඩි වශයෙන් තිබිය හැකි බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවේ වී වගාවට අවශ්‍ය පොහොර හිඟය මෙන්ම වල්නාශක, කෘමි නාශක, රසායනික වර්ග වෙළෙඳපොළේ නොමැති වීම හේතුවෙන් ගොවීන් යල කන්නයේ වී වගා කිරීම අත්හැර දමා ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
වැව්, අමුණු මෙන්ම කුඹුරු යායවල් මේ වන විට ජලයෙන් පිරී පැවැතියත් යල කන්නයේ වී වගාව අරඹා තිබෙන්නේ 45% ක ප්‍රමාණයක බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී අවධාරනයෙන් ප්‍රකාශ කරනවා.
0 Comments