ශී හල්ක් විවේචන වලට අධ්‍යක්ෂකතුමා උත්තර බදී….


0

රිලීස් වෙන්නත් කලින්ම ක්‍රිටිසයිස් වෙන She-Hulk: Attorney At Law කතා මාලාවේ විවේචනවලට පිළිතුරක් කතා මාලාවේ අධ්‍යක්ෂක වෙන Kat Coiro ලබාදීලා තියෙනවා.සීරීස් එකේ ට්‍රේලර්ස් රිලීස් වුනු දවස්වල ඉඳන්ම මේකේ CGI වල කොලිටි එක ගැන ෆෑන්ස්ලා ප්‍රශ්න කරන්න ගත්තා. නිතරම CGI වල තාක්ෂණය ගුණාත්මකබාවය ගැන හිතන්න හුරුවෙල හිටිය Marvel Studios එකෙන් තමන්ගේ Phrase 4 එකේ නිර්මාණවල කොලිටි එක අඩු කරගෙන තිබුණා.

කොහොම වුනත් She-Hulk ඩිරෙක්ටර් නම් තමන්ගෙ කතාමාලාවේ ක්‍රිටිසිසම්වලට උත්තරයක් ලබාදෙන්න අමතක කරල නැහැ.Television Critics Association එකෙන් පැවැත්වූ ප්‍රෙස් ටුවර් එකේදියි කැට් කොයිරෝ මේ ගැන අදහස් දැක්වුවේ.“…There’s a lot of talk about about her body type and we based it on Olympian athletes and not bodybuilders. But I think if we had gone the other way, we would be facing the same critique. I think it’s very hard to win when you make women’s bodies.”

කොයිරෝ කියන විදිහට ඔවුන් ශී-හල්ක්ගේ ශරීරය නිර්මාණය කරද්දි බොඩිබිල්ඩර්ලා වෙනුවට ඔලිම්පියන් ක්‍රීඩිකාවන්ව බේස්ඩ් කරගෙන තියෙනවා. ඒ දේ අනිත් පැත්තට කළා නම් තවත් විවේචන එල්ල වෙන්න ඉඩ තිබුණ කියලයි කොයිරෝගේ අදහස වෙන්නේ. ඒ වගේම කාන්තාවක්ගේ ශරීරය නිර්මාණය කරන එක ඉතාම අමාරු දෙයක් බවත් කොයිරෝ මතක් කරනවා.

මේ අතරම මාවල් ස්ටූඩියෝ එක ගැන පසුගිය දවස්වල ප්‍රධානම මාතෘකාවක් වුනු CGI artist ලගේ ගැටලුව ගැනත් මෙතනදි කතා බහට ලක් වුණා.සීරීස් එකේ හෙඩ් රයිටර් වුණු Jessica Gao මේ ගැන අදහස් දක්වමින් කියා සිටියේ ප්‍රධාන චරිතයම CG කැරැක්ටර් එකක් වීම ලොකු කර්තව්‍යයක් වෙලා තියෙනවා.

මේ නිසා CGI ටීම් එකට ඉක්මණින් අවසන් කරන්න සෑහෙන වැඩ ප්‍රමාණයක් ලැබුණු බව ඇය පැවසුවා. නමුත් නිතරම ඔවුන් එක්ක සහයෝගයෙන් වැඩ කරපු බවත්, ඔවුන්ගේ අදහස්වලට ඇහුම් කන් දුන්නු බවත් ජෙසිකා සහ කැට් කොයිරෝ අදහස් දක්වමින් කියා සිටියා.බෲස් බැනර්, වොන්, ඩෙයාඩෙවිල් චරිතත් එකතු වෙන She-Hulk: Attorney At Law මේ මාසේ 18 වෙනිදා ඉඳන් සති පතා Disney+ ප්ලැට්ෆෝර්ම් එකෙන් ස්ට්‍රීම් වෙනවා.


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.