ප්‍රසිද්ධ වැඩසටහනක් වන කොෆී විත් කරන් හීදී, ශාරුක්ගේ බිරිඳ ගෞරි පිළිගත්තේ ෂාරුක් ඛාන්ගේ බිරිඳ වීම ඇයට ප්‍රයෝජනයට වඩා බොහෝ විට ඇයට විරුද්ධව ක්‍රියා කරන බවයි. ගෞරි යනු බොලිවුඩ් තරු කිහිප දෙනෙකුගේ නිවාස සැලසුම් කර ඇති අභ්‍යන්තර ගෘහ නිර්මාණ ශිල්පිනියකි. ඇය මෑතකදී ඇගේම රියැලිටි වැඩසටහනක් වන ඩ්‍රීම් හෝම්ස් සමඟ රූපවාහිනී නිවේදිකාවක් ලෙසද පැමිණියා.
ඇය පැවසුවේ “අලුත් ව්‍යාපෘතියක් ගැන සලකා බැලීමේදී මාව නිර්මාණකරුවෙකු ලෙස සලකන අයත් ඉන්නවා. නමුත් සමහර අවස්ථාවලදී ෂාරුක් ඛාන්ගේ බිරිඳට මුදල් ගෙවා සේවාව ලබාගැනීමට මිනිසුන් අකමැති නිසා එය එසේ සිදු නොවන අවස්ථා ද තියෙනවා. එය 50% මට විරුද්ධව ක්‍රියාකරනවා,” ඇය කියා සිටියා






0 Comments