80 දශකයේ කාගෙත් ආදරය දිනූ සිනමා නළුවෙකු වු සනි ඩියොල්ගේ පුත් කරන් ඩියොල් මීට දින කිහිපයකට පෙර විවාහ ගිවිසගත් පුවතක් වාර්තා වෙයි. මෙසේ කරන් විවාහ ගිවිස ගෙන ඇත්තේ කුඩා කාලයේ සිට තම මිතුරියක් වූ ඩ්රීෂා සමගිනි.
ඩ්රිෂා යනු චිත්රපට අධ්යක්ෂක බිමල් රෝයිගේ මිනිබිරියක්ද වෙයි. කෙසේ වෙතත්, වෙබ් අඩවි කිහිපයක්ම වාර්තා කර සිටින්නේ කරන්ගේ සහ ඩ්රිෂාගේ විවහ ගිවිස ගැනිමක් සම්බන්ධව මේ වනවිට වාර්තාවක් තමන්ට නොලැබුනු බවය. ඔවුන් දෙදෙනාම සනි ඩියොල් රඟපැ, බිමල් රෝයි අධ්යක්ණය කළ ‘අප්නේ’ චිත්රපටයේ දෙවැනි නිර්මාණය සඳහා රංගනයේ යෙදෙන බව සඳහන් වෙයි.




0 Comments