අපේ කලාකෙත පෝෂණය කරපු තවත් එක් කලා පවුලක් තමයි ඇන්තනි පවුල කියන්නේ. ඇන්තනී පවුලේ ජැක්සන් ඇන්තනී සහ කුමාරී මුණසිංහ ඇතුළු දරුවන් තිදෙනාත් පුංචි තිරය තුළ විවිධ හපන්කම් දක්වපු දක්ශයින් තිදෙනෙක්. මාධවී, අකිල සහ සජිත කියන්නේ රංගනයට නිවේදනයට සහ ගායනය කියන මේ හැම අංශයකටම දක්ෂතා පරිපූර්ණ තුන්දෙනෙක්.

ඉතින් සජිත කියන්නේ ඇන්තනී පවුලේ බාලයා. මේ තුන්දෙනාගේ ම තුන්දෙනාගේම විවාහයන් එකම දිනයේ සිදු කිරීමත් අපේ ප්‍රේක්ෂකයා තුළ මෙම පවුලේ ගැන ආකර්ෂණය වැඩිදියුණු කරන්නට හේතුවක් වුණා. ඉතින් සජිත විවාහ වෙලා ඉන්නේ බුවිනිකා සමගින්. සුරූපී කාන්තාවක් වන බුවී සහ සජිත ඉතා සතුටින් ජීවත් වෙන බව අපි ඔවුන්ගේ සමාජ මාධ්‍ය හරහා නිතරම දැක ගන්නවා.
ඉතින් මෑතකදී උතුම් මවුපිය පදවිය ලබපු සජිත සහ බුවී ගේ ආදරණීය කැදැල්ලට එකතුවූයේ පුතෙක්. ඉතින් පුතත් එක්ක මේ විදිහට පවුල් ජීවිතය සුන්දරව ගත කරද්දිම හදිසියේම ඔවුන්ගේ ආදරණීය අප්පච්චි හදිසි අනතුරක් එක්ක රෝහල් ගත කරනවා. ඉතින් මේ හේතුව නිසා ඇන්තනි පවුල ගොඩක් සංවේදී වුණා. ඔවුන්ට ආදරේ කරන අපේ කලා ක්ෂේත්රයේ වගේම ප්රේක්ෂකයින්ගේද බෝධි පූජා විවිධ යාඥාවන් සිදුවුණා. ඒ ජැක්සන් ඇන්තනී මහතාට සුවය පතා.
ඉතින් පසුගියදා සජිත එක්තරා පුවත්පතකට ඔහුට ප්රේක්ෂකයන්ගෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ලැබෙන ප්‍රශ්නයක් ගැන මේ විදියටයි සඳහන් කරලා තිබුනේ.

” අපේ අප්පච්චි ඉස්පිරිතාලේ ඉන්න කොට අපි කොහොමද මෙහෙම විනෝද වෙන්නේ කාලා බීලා ඉන්නේ කියලා ගොඩක් දෙනෙක් මගෙන් ඇහුවා. අපි කොහොමත් අපේ හිතේ තියන දුක සමාජ මාධ්‍ය තුළ පෙන්නන්නෙ නෑ. හය හතර නොතේරෙන මගේ පුංචි දරුවාට මේ දේවල් තේරෙන්නෙ නෑනෙ. ඒකයි අපි පුළුවන් විදිහට පොඩියට මේ හැමදේම පුතාට පේන්න කළේ.’’

0 Comments