ගිය මාසෙදි මේ Iconic Legendary Cartoon එකට අවුරුදු 20 ක් සම්පූර්ණ වීමත් එක්ක Fans ලා ගොඩ දෙනෙක් කතා වුන දෙයක් තමයි James Gunn Co-Writer කෙනෙක් විදියට එකතු වුන Scooby-Doo Movies දෙකේ මීලඟ Movie එක විදියට Original Cast එකම යොදාගෙන R-rated Movie එකක් ඕනෙ කියන කතාව.ඉතින් මේ ගැන Twitter එකේ සෑහෙන්න කතා වුනා වගේම ඔන්න James Gunn ඒ එක Tweet එකකට Reply එකක් විදියට සඳහන් කරලා තියෙනවා Fans ලා Studio එකෙන් මේ ඉල්ලීම කරොත් Scooby-Doo 3 Movie එකක් බලාගන්න ඉඩකඩ තියෙනවා කියල.
ඒ වගේම තවදුරටත් Gunn කියල තියෙන්නෙ මේ කාලෙ නම් ඔහුට වෙලාවක් නෑ කියල “I think they’d do it if we asked. I just don’t think I have the time right now! “මේ reply එකත් එක්ක ගොඩ දෙනෙක් දැන් කතා වෙන දෙයක් තමයි බොහෝදුරට ඉදිරි අවුරුදු කීපය ඇතුලතදි R-rated Scooby-Doo Movie එකක් අපිට බලාගන්න පුලුවන් වෙයි කියන එක….
ඉතින් මේ ගැන තාම වෙන Confirmation එකක් නැති හින්ද බලන් ඉමු ඉස්සරහට හොඳ දෙයක් වෙයිද කියල..







0 Comments