සුපිරි ජීවිතයට වඩා වටින්නේ මානසික සතුට….


0

මෙරට කලා ක්ෂේත්‍රයේ හිටපු ජයප්‍රිය රංගන ශිල්පිනියක් තමයි සුලේඛා ජයවර්ධන කියන්නේ. මේ වනවිට සුලේඛා විවාහ වෙලා ඉන්නේ. ඒ වගේම ඇය මවක්. සුලේඛා විවාහ වෙලා ඉන්නේ මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දක්ෂ ව්‍යාපාරිකයෙක් වගේම කෝටිපතියෙක් වන අශෝක රන්දෙණිය සමඟයි. ඉතින් සුලේඛා මවක් විදියට ගෙවන ජීවිතේ ගැන කළ කතාබහක් තමයි මේ.

මවක් විදියට ජීවත්වෙන ජීවිතේ සහ ඒ හැඟීම ඔබට කොහොමද දැනෙන්නේ?

”මට මගේ ජීවිතේම ආයෙමත් ලැබුණා වගේ හැඟීමක් දැනෙන්නේ…. මොකද මම පුංචි බබාලට ගොඩක් ආදරෙයි. මගේ චූටි බබා මට මුලින්ම පෙන්නපු වෙලාවෙ මට ඇඬුණා… දැන් මම මගේ හස්බන්ඩ් සහ දරුවා එක්ක ගොඩක් සතුටෙන් ජීවත් වෙනවා. දරුවෙක් කියන්නේ අපේ බැඳීම තව ළං කරන කෙනෙක්, දරුවෙක් ඉද්දි ඒ පවුලේ බැඳීම ගොඩක්ම ශක්තිමත් වෙනවා. මම ආස වුණේ දුවෙක්ට….. හැබැයි ලැබෙන්න ඉන්නේ පුතෙක් කියලා දැනගත්තම අමුතු හයියක් ආවා ජීවිතේට…”

සුලේඛා දැන් විවාහ වෙලා ලොකු කාලයක් වෙනවා. ඔබේ තෝරා ගැනීම හොඳම තෝරාගැනීම කියලා හිතෙනවද?

”ඔව්! සියයට සියයක්ම…. අපි ආදර සම්බන්ධයකින් තමයි විවාහ වුණේ. මගේ සැමියා ළඟ හොඳ ගති ලක්ෂණ ගොඩක් තියෙනවා. ඒ වගේම එයා ගොඩක් හැන්ඩ්සම්. මට ගොඩක්ම සතුටුයි ඒ ගැන. එයා කවදාවත් මාව යටත් කරගන්න හදන කෙනෙක් නෙවෙයි. මමත් කැමති නෑ යටත්වෙලා ජීවත් වෙන්න. මම දැකලා තියෙනවා සමහර සැමියන් බිරිඳට අරවා කරන්න එපා, මේවා කරන්න එපා කියනවා. ඒ අතින් මගේ සැමියා ගොඩක් හොඳයි. එයා කවදාවත් මට එහෙම නීති දාලා නෑ. ඒ ගැන මට තියෙන්නේ ලොකු සතුටක්.

සුලේඛා දැන් සුපිරි ජීවිතයක් ගත කරනවා කියලා ගොඩක් අය කියනවා?

”ඔව්! මට ගොඩක් සුපිරි ජීවිතයක් ලැබිලා තියෙනවා. ඒක නෑ කිව්වොත් බොරුවක්. මගේ මහත්තයා හම්බවුණ දවසේ ඉඳන් මම සතුටින් ඉන්නේ. කොච්චර සල්ලි තිබ්බත් මනුස්සයා පිට යනවා නම් ගෙදර ප්‍රශ්න, මානසික ප්‍රශ්න, මට එහෙම ප්‍රශ්නයක් නෑ. මට මානසික සතුට උපරිම තියෙනවා. වැරදි කෙනෙක් හම්බුණා නම් කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නෑ.. මිල මුදල්, යාන වාහන, ගෙවල් දොරවල් එක්ක තියෙන සුපිරි ජීවිතයට වඩා වටින්නේ මානසික සතුට. හැබැයි මට ඒ ඔක්කොම තියෙනවා…. ඉතින් මං හිතන්නේ ඒ අතින් මම වාසනාවන්තයි ”


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
1
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.