සූර්යයා අලුතෙන්ම ගත්ත සම්මානය…


0

මෙදා සැරේ හොඳම නළුවාට නැෂණල් සම්මාන දිනපු, දකුණු ඉන්දීය සිනමාව ඇතුළේ එක දිගට දිදුළමින් පෙරට එන සූර්යා ගැන කතා කරන්නම ඕන කියලා හිතුණා. සූර්යා කියන්නේ පොඩි කාලේ ඉඳන්ම ටීවි එකේ දකින්න කැමතිම නළුවෙක්. 2005 දිහා සූර්යගෙ ගජිනි බලලා ඒ ගැන සම වයසේ කොල්ලෝ කුරුට්ටෝ එක්ක අපි කතා කරපු හැටි මට අද වගේ මතකයි.

ඒ වයසට ඒ ෆිල්ම් එක අපිට “මාර එකක්” වුණා. ඇත්තටම අදටත් සූර්යා කියන නළුවා ගැන කල්පනා කරද්දි ගජිනි එකේ පොර කරපු කැරැක්ටරේ මාර එකක් තමයි. බොලිවුඩ්වල දැවැන්ත නළුවෙක් වෙච්ච අමිර් ඛාන්ගේ ගජිනි කැරැක්ටරේටවත් සූර්යාගේ කැරැක්ටරේ අතික්‍රමණය කරන්න හැකියාවක් ලැබුණේ නැහැ කියලයි මම හිතන්නේ. ඒ තරමට සූර්යා එයාගේ ඒ සයිකෝ බේස් කැරැක්ටරේ ඇඬෙන්නම කළා.

GVM කියන “අධ්‍යක්ෂවරයගේ” “වාරණම් ආයිරම්” කියන මාස්ටර්පීස් එක ඇතුළේ එකිනෙකට වෙනස් චරිත ද්විත්වයකින් සූර්යා අපි ඉස්සරහා මවපු ඒ රංගන හැකියාව ගැන අදටත් තියෙන්නේ සෑහෙන තෘප්තිමත් හැඟීමක්. සූර්යා “ඇස්වලින් රඟපාන්න දන්නවා”. ඒ බව වාරණම් ආයිරම් බලපු අය දන්නවා. “ආදරෙන් මත් වුණ ඇස්” කියන්නේ “සූර්යට විතරක්ම තියෙන හැකියාවක්දෝ” කියලා වෙලාවකට හිතෙනවා. විල් ස්මිත් අඬන තැන්වලදි මට ඇඬෙන්නේ ඉබේටම වගේ. සූර්යගේ ඇඬිල්ලත් අන්න එහෙම ෆීල් වෙන තැනක්.

සූරරෛ පෝටෲ එකේ සූර්යා කරපු කැරැක්ටරේට නැෂණල් අවෝර්ඩ් හම්බ වීම, ආක්ෂේට ලැබුණ නැෂණල් එක හෝ විකී කෞෂාල්ට ලැබුණ නැෂණල් එක වගේ “පුදුමය දනවන්නක් වුණේ නැහැ” හේතුව ඇත්තටම සූර්යා ඒ සම්මානය ලැබීමට තරම් සුදුසු විදිහේ දක්ෂ රංගනයක නියැලුණා. එක තැන පල් නොවී, එකිනෙකට වෙනස් චරිත නිරූපණය කරන්න සූර්යට “කොන්දක් තියෙනවා”. ඒ ගට හුඟාක් නළුවන්ට නැහැ.

ෆෑන් බේස් එක ගැනම හිතලා එක තැන පල්වෙන තලපති, සුපර්ස්ටාර් වගේ අය හොඳ උදාහරණ. සූර්යා ඒ “සංකීර්ණය ඇතුළේ හිර වුණේ නැහැ”. ලෝකිගේ වික්‍රම් ෆිල්ම් එකේ රෝලෙක්ස්ගේ කැරැක්ටරේ සූර්යාව ඉහළටම ඔසොවා තබන තවත් කැරැක්ටරයක් වෙනවා නොඅනුමානයි.

පහුගොය අවුරුදු 5 විතර ඉඳන් සූර්යා පටන් ගත්තා Suriya Sivakumar v2 ගමන ඉදිරියේදි තව තවත් දිදුළාවි. සූර්යා එයාගේ තැන අල්ලගෙන ඉවරයි. ඒ තැන දැන් කාටවත් අරගන්න බැහැ. කිං ඛාන්ලටවත් කරන්න බැරි වුණ දේ සූර්යා වගේ පොඩි තැනකින් පටන් අරගෙන ලොකු තැනකට යන නළුවෙක් කරලා ඉවරයි.

නැෂණල් එකක් දිනනවා කියන්නේ, ඉන්දියාව වගේ රටක “ඔස්කාර් වර්දි වැඩක්” සූර්යා ඒක කළා! සූර්යා ආයෙත් ඒක කරාවි!


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
1
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.