හෙට ඉදන් බස් එකෙන් ගිහින් හමාරයි….


0

පෞද්ගලික බස් රථ ධාවනයට ඩීසල් ලබාදීමට රජය විධිමත් වැඩපිළිවෙළක් මේ සතිය තුල සැකසිය යුතු බවත් එසේ සිදු කෙරෙන්නේ නැතිනම් එළඹෙන 6 වෙනි දා දින සිට බස් රථ ධාවනයෙන් ඉවත් වන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කරනවා.ඔහු මේ බව සඳහන් කරන්නේ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින්ය.

අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ දී පෞද්ගලික බස් රථ ධාවනය කිරීම සිදු කෙරුණත් ඒ සඳහාද ඩීසල් ලබා ගත්තේ ඉතා ගැටලුකාරී තත්ත්වයක සිට බවත් අද දින සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීම හේතුවෙන් මෙම තීරණයට එළඹුන බව ඔහු කියා සිටියා

ඩීසල් ලබාදීමට රජය විධිමත් වැඩපිළිවෙළක් සැකසිය යුතු බවත් එසේ නොවන්නේ නම් දිගින් දිගටම මේ ආකාරයෙන් ධාවනය කිරීමට නොහැකි බවද ඔහු කියා සිටියා. එමෙන්ම දැනට ධාවනය වන බස් රථ ප්‍රමාණය ද එළඹෙන 6 වෙනිදා දිනයෙන් පසු ධාවනය නොකිරීමට තීරණය කරන බව ද ඔහු කියා සිටියා.

එමෙන්ම ඊයේ දිනයේ (31) සිට බදු වැඩිකිරිමට රජය මගින් තීරණය කර ඇති අතර එය තම කර්මාන්තයට ද දැඩි ලෙස බලපාන බව ඔහු කියා සිටියා.

අමතර කොටස් වල මිල ද ඉහළ යාමට ඇති ඉඩකඩ වැඩි බව ද බදු වැඩි කිරීම පසෙකලා පාඩු ලබන ආයතන විකිණීම හෝ වෙනයම් ක්‍රමවේදයකින් මේ අලාභ අයකර ගැනීම සිදු කළ යුතු බවද , මෙසේ බදු වැඩිකිරීම හේතුවෙන් පීඩාවට පත් වන්නේ සාමාන්‍ය පොදු මහජනතාව බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.