ගාලුමුවදොර සහ කොල්ලුපිටිය ප්‍රදේශයේ සහ දිවයින පුරා පුද්ගලයන්ට පහර දී රාජ්‍ය සහ පෞද්ගලික දේපළවලට අලාභ හානි සිදු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 159 දෙනෙකු ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ වන විට අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 398ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව ප්‍රකාශ කළේ.
මේ වනවිට මැයි 09 වැනි දින මීගමුවේ දී සුඛෝපභෝගී හෝටල්වලට හානි කිරීම සම්බන්ධයෙන් ද වැඩිදුර විමර්ශන සිදු කිරීමට මීගමුව පොලිස් ස්ථානය යටතේ විශේෂ විමර්ශන පොලිස් කණ්ඩායමක් ද පත් කර තිබෙනවා.
0 Comments