නිරූපණ ක්ශේත්‍රයේ ඉන්න කටකාර සරාගී ලස්සන නිරූපිකාවක් තමයි පියුමි හංසමාලි.කෙටි කාලයකින් ලබා ගත්ත ක්ශේත්‍රයේ විශාල ජනප්‍රියත්වය ඇයගේ මේ ගමනට හේතුවක්.ලංකාවෙ instragram star ඒ පියුමි හංසමාලි.ඉතිං අද අපි සුහද සංවාදයකට හැඩකාර පියුමි හංසමාලිට ආරාධනා කලා.
කොහොමද පියුමි මේ දවස් වල ජීවිතේ?
රටේ වෙන දේවල් දිහා බලන් හරි කලකිරීමෙන් ඉන්නවා.ඒත් මම හැම වෙලේම බලන්නෙ ජොලියෙන් ඉන්න.
කවදද Wedding එක?
ලබන අවුරුද්දෙ විතර ගන්න තමයි හිතන් ඉන්නෙ.ඒත් මට බඳින්න හදිස්සි නෑ.තව ටිකක් මෙහෙම ඉදලා marry කරනවා.
බඳින්න ඉන්න කෙනා කොයි වගේ කෙනෙක්ද?
එයා මට හරි ආදරෙයි.එයා මාර Understanding.මට හොඳම හොඳ සහකාරයෙක් හම්බුනා.
එයා පියුමිට නීති එහෙම දානවද?
එයා අද වෙනකන් කිසිම නීතියක් දාලා නෑ.මම ජීවිතේ ගොඩක් මෝඩ තීරණ අරන් තියනවා,ඒවා එක්ක බලනකොට දැන් එයා මට දෙයක් කරන්න කලින් හරි වැරැද්ද කියනවා.
ලංකාවෙ ආසම නිළිය කව්ද ?
මාලනී ෆොන්සේකා.අපේ අම්මත් එතුමියගෙ films බලනවා.මම ගොඩක් කැමතියි ඒ නිසා..
චමුදිත එක්ක තාම තරහද?
අයියෝ නෑ අනේ.මගේ ජීවිතේ කිසිම කෙනෙක්ට මම වෛර කරන්නෙ නෑ.ඒ මනුස්සයා තනිකරම කිව්වෙ බොරු.ඇඳුම් බෑග් එකේ කතාව තනිකර බොරු.ඉතිං ඕවා කිව්වම මට දැඩි වෛරයක් ඇති වෙන එක හරිනෙ.හැබැයි දැන් චමුදිත ඇත්ත දන්නවා.කාගෙ හරි කීමකට තමයි එයා එහෙම කරන්නෙ.මම චමුදිත එක්ක තරහා නෑ.
කතා කරාද ළඟදි?
අපෝ ඔව්.එයාගෙ programme එකකටත් එන්න කිව්වා.හැබැයි තාම යන්න බැරි උනා.
පියුමිගෙ ජීවිතේ වෙනස් කරපු තැනක් තියද?
යාලුවො නිසා මම තැනකදි වෙනස් උනා.මම fb එකේ පහු ගිය දවස් වල දැම්මා My bestie,My Mango friend කිය කිය..ඒ ඔක්කෝම මම අයින් කරා.මගේ ගෙදරට ඇවිත් හොඳට ඉදලා මගෙ හතුරන්ගෙ ගෙවල්වලටත් ගිහින් මගේ දේවල් කියන යාලුවො මට හිටියා.මොකටද එහෙම යාලුවො..කෙල්ලෙක්ට ඉන්න ඕන පිරිමි යාලුවෙක්.තමන්ගෙ සැමියාට අමතරව තව එක පිරිමි යාලුවෙක්.ඒ ඇති
ඇයි එහෙම කියන්නෙ?
සමහර ගැහැණු යාලුවො හැදුවා මට වඩා celebrity වෙන්න.නමුත් එයාලා සාමන්‍ය අය.ඒත් යටි හිතේ තියෙන්නෙ මාව කපලා පල්ලෙහාට දාලා එයා උඩ ඉන්න.ඒ වගේ යාලුවො මට හිටියා.ඒ වගේ යාලුවො තමයි නයි.
පියුමි ආසම දේශපාලන චරිතය මොකක්ද??
රංජන් රාමනායක..හොරාට හොරා කියන්න කොන්දක් තියන මනුස්සයෙක්..
යාලුවව බලන්න ගියාද?
නැහැ.තාම නම් යන්න බැරි උනා
ඇයි මේ කොහෙන් ගියත් පියුමි හංසමාලිගෙන් ලංකාවෙ මිනිස්සු නවතින්නෙ?
ඒක මගේ ලක් එක.කොහොම ගියත් මම හිට්.මේන් රෝල් 100ක් කලත් සමහර අයට famous වෙන්න බෑ.ඒකට ලක් එක ඕන.මේක මගේ පින.තව අවුරුදු දෙක තුනකින් මගේ කාලය ඉවර උනාම ඕවා තව කාගෙහරි පිටින් යයි.ඒ හැටි
ජීවිතේ වැඩියෙන්ම දුක හිතුනෙ කවද්ද?
මගෙ කලින් boyfriend වෙනුරගෙ සම්බන්දෙ නවත්තපු දවසෙ.අවුරුදු 5ක් අපේ සම්බන්දෙ තිබ්බා.ඒ දුක දරාගන්න අමාරු උනා.
අලුත් වැඩක් පටන් ගත්තා කියලා ආරංචියි?
ඔව් මම අලුත් Company එකක Brand
embarser විදියට වැඩක් පටන් ගත්තා.මොකද මම ආස නෑ මිනිස්සුන්ට බොරු කරන්න.ඒ Company එක විශ්වාසවන්ත නිසා මම වැඩේට බැස්සා.
පියුමිට තියන ලොකුම හීනෙ මොකක්ද?
ඉක්මනටම මගෙ පුතාව ලංකාවෙන් යවන එක.එයාට හොඳට පිටරටක උගන්නලා එයා පයිලට් කෙනෙක් උනාම මගෙ අන්තිම හුස්ම ගියොත් මට ඇති.
මේ දවස් වල නිතරම කියවෙන සිංදුව මොකක්ද?
කපුටු කාක් කාක් කාක් තමා ඉතිං !!!
හැබැයි මම තව ආසයි පියඹා ලස්සන තැන් සොයා සිංදුවට.
සංවාදය – සචිනි සත්සරණි
Dasatha Lanka News








0 Comments