මස් පිසින අරක්කැමියෙක් ලෙස ලෝක ප්‍රසිද්ධ සෝල්ට් බේ මේ වන විට ලොව පුරා පාපන්දු ලෝලීනගේ දැඩි පිළිකුලට ලක්ව තිබේ.
නිමාවූ පාපන්දු ලෝක කුසලාන අවසන් තරඟයේදී කුසලාන ප්‍රධානෝත්සවයෙන් පසු පිටියට පැමිණ කුසලානය අත දරාගෙන නොහොබිනා ලෙස හැසිරීම ඊට හේතුවයි.
සෝල්ට් බේ ජය සමරමින් සිටි ආජන්ටිනා ක්‍රීඩකයෙකුගෙන් කුසලානය උදුරාගෙන ඔහුගේ වෙළද මුද්‍රාව වන ලුනු ඉසීමේ මුද්‍රාව කුසලානය මත සිදුකිරීම සහ එය හිස මත තබාගෙන නර්තනය කිරීම සහ එය සිපගැනීම ක්‍රීඩකයන්ගේ මෙන්ම රසිකයන්ගේ අප්‍රසාදයට ලක්ව තිබෙනවා.
එයින් නොනැවතුනු ඔහු මෙසී වෙත ගොස් ඔහු ජය සමරමින් සිටියදී ඔහුට බාදා කරන අයුරුද,මෙසී කෝපයෙන් මෙන් ඔහුව මගහරින අයුරු දැක්වෙන වීඩියෝවන්ද මේ වනවිට සමාජ මාධ්‍ය තුළ වයිරල් වී තිබේ.
සාමාන්‍යයෙන් එම කුසලානය ස්පර්ෂ කල හැක්කේ නියම ජයග්රාහකයින්ට පමණය.පිටස්තරයෙක් ස්පර්ෂ කලත් එයට අවමන් වන පරිදී හැසිරිය නොහැක.උදාහරණයක් ලෙස එදිනම ඩීපිකා පදුකෝන් කුසලානය නිරාවරණය කල මොහොතේ පවා එය ස්පර්ෂ නොකරමින් ඇය එම කර්තව්‍ය කලේ අවශ්‍ය ගෞරවය දිය යුතු නිසාවෙන්.
එසේම වී.අයි.පී නරඹන්නෙකු ලෙස පැමිණ සිටි සෝල්ට් බේට පිටියට පිවිසීමට අවසර ලැබුනේ කෙසේද යන්න සම්බන්දයෙන්ද ෆිෆා සම්මේලනය මේ වන විට පරීක්ෂන කරමින් සිටී.
සෝල්ට් බේ නමින් හදුන්වන තුර්කි ජාතික නුස්රේට් ගෝකි සිදු කල මේ ක්‍රියාව නිසා අනාගතයේ ඔහුට ලොකු කනස්සලකට මුහුණ දීමට සිදුවන බව ලොව පුරා පාපන්දු ලෝලින්ගේ මතයයි.



0 Comments