පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන්ට බන්ධනාගාරය තුළදී ජම්පරයට ඇඳීමට සිදුවීම බන්ධනාගාර රැදවියන් පිළිබඳ සාමාන්‍ය පටිපාටිය අනුව සිදුවන්නක් බවත් එහි කිසිදු දෝෂයක් හෝ විශේෂත්වයක් නොමැති බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති යූ.ආර්.ද සිල්වා මහතා කියයි.
මේ වන විට අප රටේ බන්ධනාගාරගතව බෞද්ධ භික්ෂූන් වහන්සේලා පහළොස් නමක් සිටින බවත් එලෙස විවිධ වැරදි මත බන්ධනාගාර ගතවූ හින්දු ඉස්ලාම් පූජක වරු තිදෙනෙක් සිටින බවත් පැවසු යු.ආර්.ද සිල්වා මහතා ඒ කිසිවෙකුටත් බන්ධනාගාර රැඳවියන් වශයෙන් ආගමික හෝ සාමාන්‍ය ඇදුම් ඇදීමට නීතිමය අවසරයක් නොමැති බවත් කිය.
එමෙන්ම ලබන 22දා නැවත අධිකරණයට ඉදිරිපත් කෙරෙන ඥාණසාර හිමියන්ගේ ඇප ඇයදුම් පත සලකා බැලීමෙන් පසුව උන්වහන්සේගේ බන්ධනාගාර ගත ජීවිතය පිළිබඳ වෙනසක් වන තුරු මෙය විරෝධයකට හෝ විවාදයකට තුඩු දෙන්නක් නොවන බව ද නීතිඥ සංගම් සභාපතිවරයා කියයි.
එස්.ටී.පී.සිල්වා
0 Comments