ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඊයේ (31) දිනයේ විස්සයි විස්ස තරගය ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.
ඒ ලකුණු 72කින්.
මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර විස්ස තුළ කඩුළු 4ක් පමණක් දැවී ලකුණු 199ක් රුස්කර ගත්තා.
එහිදී ඉවින් ලුවිස් ලකුණු 58ක් ලබාගත්තේ හයේ පහර 5ක් සහ හතරේ පහර 5ක් සමගයි.
ඊට අමතරව මාර්ලන් සැමුවෙල් ලකුණු 43ක් සහ ඩිනීෂ් රාම්ඩීන් නොදැවී ලකුණු 44ක් ලබාගත්තා.
අනතුරුව පිටියට පැමිණි ලෝක කණ්ඩායමේ පිතිකරුවන් සියලුම දෙනා අසාර්ථක වෙද්දි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක තිසර පෙරේරා පන්දු 37කදී ලකුණු 61ක් ලබාගැනීමට සමත් වනවා.
ඊට හයේ පහර 3ක් සහ හතරේ පහර 7ක් ද ඇතුළත්.
තිසර පෙරේරා ලබාගත් මෙම ලකුණු සංඛ්‍යාව සමග ඔහුගේ විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ ලකුණු 1000සේ සීමාව පසුකිරීමට සමත් වුණා.
0 Comments