මාධ්‍ය ජාලයේ සභාපති කියන කතාව..!
ටී.එන්.එල් මාධ්‍ය ජාලයේ පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මුද්‍රා තබා තිබෙනවා.
ටී. එන්. එල් මාධ්‍ය ජාලයේ සභාපති ශාන් වික්‍රමසිංහගෙන් කළ විමසීමේදී ඒ බව තහවුරු කළා.
ඒ අනුව සභාපතිවරයා කියා සිටියේ කිසිඳු පූර්ව දැනුමකින් තොරව මෙම මුද්‍රාතැබීම සිදුකර ඇති බවයි.
මුදල් ගෙවීමේ ප්‍රමාධයක් බව පවසමින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මෙම මුද්‍රා තැබීම කර ඇත්තේ පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මතය. ශාන් වික්‍රමසිංහ පවසන්නේ නිසි පරිදි ගෙවීම් කර ඇති බවය. කොමිෂන් සභාවේ අඩු පාඩුවක් හේතුවෙන් 2016 දෙසැම්බර් 31වැනිදා යින් පසු ගෙවීම් කිරීමට නොහැකි වී ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.
0 Comments